ප්‍රිමි­යර් පැකේ­ජින් ඉන්ට­ර්නැ­ෂ­නල් NCE ලෝකඩ සම්මාන දිනයි | Page 2 | සිළුමිණ

ප්‍රිමි­යර් පැකේ­ජින් ඉන්ට­ර්නැ­ෂ­නල් NCE ලෝකඩ සම්මාන දිනයි

තේ බෑග් ටැග් සහ කවර මුද්‍රණයෙහි ප්‍රමුඛයකු වන සී/ස ප්‍රිමියර් පැකේජින් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික)සමාගම 28 වැනි වාර්ෂික NCE අපනයන සම්මාන උළෙලේදී අපනයන සැපයුම් අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙල පසුගියදා කොළඹ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. “මේ ජයග්‍රහණය ප්‍රිමියර් පැකේජිං සමාගමේ කෙටි ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වශයෙන් හැඳින්විය හැකියි. සම්මාන දිනා ගැනීමට නන් අයුරින් දායක වූ කාර්ය මණ්ඩලයේ හෘදයාංගම කැපවීම වෙනුවෙන් මාගේ කෘතඥතාව පුදකරනවා.” ප්‍රිමියර් පැකේජින් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත කරුණාරත්න පැවසීය.

ඉම්පීරියල් ටීස් සමූහයේ ශාඛා සමාගමක් ලෙස 2012දී ඇරැඹි ප්‍රිමියර් පැකේජින් ඉන්ටර්නැෂනල් ප්‍රමුඛ පෙළේ තේ බෑග් නිෂ්පාදන හා අපනයන සමාගම්වලට තේ බෑග්,ටැග් සහ කවර මුද්‍රණය කරයි. ප්‍රිමියර් පැකේජින් ඉන්ටර්නැෂනල් සමාගමට අයත් නවීන අධි තාක්ෂණික යන්ත්‍ර සපිරි ප්‍රධාන මුද්‍රණාලය කැලණියෙහි පිහිටා ඇති අතර කඩදාසියේ දෙපසම ෆ්ලෙක්සෝ මුද්‍රණය, පාරජම්බූල වාර්නිෂ්කරණය ඇතුළු නවතම මුද්‍රණ හැකියාවන් රැසක් එය සතුය.රීවයින්ඩින්, ඔන්ලයින්/ඕෆ්ලයින්ස්ලිටින්,ජම්බෝ පේපර් ස්ලිටින් යන පහසුකම්ද එහි ඇත.එමෙන්ම සේවාදායක අවශ්‍යතා අනුව දිවයිනේ දැනට භාවිත වන ඕනෑම තේ බෑග් නිෂ්පාදන යන්ත්‍රයකට ගැළපෙන පරිදි වර්ණ රැසකින් තේ බෑග් ටැග් හා කවර මුද්‍රණය කිරීම සමාගමේ සුවිශේෂත්වයකි .පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව රැක ගනිමින්උසස් තත්ත්වයේ සේවාවක් පවත්වා ගැනීමට ඇපකැපවූ ප්‍රිමියර් පැකේජින් ඉන්ටර්නැෂනල් ISO 22000:2018 තත්ත්ව සහතිකය දිනා ඇති අතර මුද්‍රණශිල්පයේ විසිවසරකට වැඩි අත්දැකීම් ලත් 25කට අධික පළපුරුදු කාර්ය මණ්ඩලය, අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සකසා ගැනීමේ සිට බෙදාහැරීම් සේවාව දක්වා ආයතනයේ සියලු කටයුතු කිරීමට ඇති හැකියාව හා සේවක මහතුන්ගේ කැපවීම සමාගමට අමතර ශක්තියකි.

Comments