මෙඩි­හෙල්ප් රෝහ­ලට සම්මාන ද්විත්ව­යක් | Page 2 | සිළුමිණ

මෙඩි­හෙල්ප් රෝහ­ලට සම්මාන ද්විත්ව­යක්

සෞඛ්‍ය සත්කාර සේවයේ ප්‍රමුඛයකු වන මෙඩිහෙල්ප් රෝහල් සමූහය ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ වසරේ ව්‍යවසායකයා සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා පරිමාණ කාණ්ඩයේ, විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයාට හිමි සම්මානයෙන් සහ බස්නාහිර පළාතේ, මහා පරිමාණ කාණ්ඩයේ, විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු මැති ඇමැතිවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී මෙඩිහෙල්ප් විධායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන වෙත සම්මාන පිරිනමන ලදී. “මෙඩිහෙල්ප් කාර්ය මණ්ඩලයේ කැපවීම සහ උසස් තත්ත්ව පාලනය මෙන්ම පාරිභෝගික ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය මේ ජයග්‍රහණයට දායක වුණා. ඔවුන් සියල්ලන්ටම කෘතඥතාව පුදකරන අතර තවදුරටත් උසස් තත්ත්වයේ සේවාවක් සැපයීමට මෙඩිහෙල්ප් ඇප කැපවනවා.”මෙඩිහෙල්ප් විධායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන පැවසීය.

Comments