සෙලින්කෝ ලයිෆ් ව්‍යාපා­රික අත්වැල දිවයින පුරා | Page 2 | සිළුමිණ

සෙලින්කෝ ලයිෆ් ව්‍යාපා­රික අත්වැල දිවයින පුරා

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයන්ට ඇතිවී තිබෙන අභියෝග ජයගැනීමට උපකාරයක් දැක්වීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා ‘ව්‍යාපාරික අත්වැල’ නමින් ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම වැඩසටහන යටතේ මාස්පතා ව්‍යාපාරික සම්මන්ත්‍රණ පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මෙහිදී සිය ව්‍යාපාරය සහ ව්‍යාපාරික ජීවිතය හොඳින් කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව ව්‍යවසායකයන් දැනුවත් කරන බව සමාගම සඳහන් කරයි.

මෙම වැඩසටහන් මාලාවේ පළමු වැන්න පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය විසින් නිර්දේශ කර තිබෙන කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුව මහනුවරදී පැවැත්වුණු අතර ඒ සඳහා ප්‍රදේශයේ ව්‍යවසායකයන් කණ්ඩායමක් සහභාගී විය. මෙම වැඩසටහනේදී උදය දේවමුල්ල මහතා විසින් ඉලක්ක ගොඩනගා ගනිමින් අභියෝග ජයගන්නා ආකාරය පිළිබඳව ව්‍යාපාරිකයන් දැනුවත් කරන ලදී.

සෙලින්කෝ ලයිෆ් සමාගම මේ වසරේදී මෙවැනි වැඩසටහන් 12 ක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර ඉලක්ක නිර්මාණය කිරීම, අභියෝග හසුරුවාලීම සහ ප්‍රශ්න විසඳාගැනීම, සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීම සහ ක්‍රියාශීලී දිවිපෙවෙත, සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට අවශ්‍යය ඉඟි සහ සෞඛ්‍ය පරීක්ෂණ කිරීමේ යහ පුරුදු පිළිබඳව විශේෂඥයන් විසින් දැනුම ලබාදීමට සැලසුම් කර තිබේ.

Comments