හච් Fortumo හා එක්ව බිල්පත් ගෙවීම් තවත් පහසු කරයි | Page 2 | සිළුමිණ

හච් Fortumo හා එක්ව බිල්පත් ගෙවීම් තවත් පහසු කරයි

පාරිභෝගිකයන් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච් විසින්, ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Fortumoහා සහයෝගීතාවයකට එළඹ ඇත.

මෙම හවුල්කාරීත්වය හරහා සියලුම හච් පසුගෙවුම් හෝ පෙරගෙවුම් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගිණුමේ ශේෂය හරහා ජාත්‍යන්තර අන්තර්ගත සේවාවන් සඳහා වූ ඩිජිටල් දායකත්ව මුදල් ඉතා පහසුවෙන් හා කඩිනමින් ගෙවීමට අවස්ථාව හිමිවේ.

Fortumoහි direct carrier billing සේවාවන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා සඳහා වූ ඉතා ආරක්‍ෂිත හා කඩිනම් විසඳුමක් වේ. තවද මෙම සේවාවේ සුවිශේෂීත්වය වන්නේ පරිශීලකයාට ස්වයං ගිණුමක් නිර්මාණය කිරීමට හෝ කිසිඳු පුද්ගලික දත්ත බෙදා ගැනීමකින් තොරව, සරල ද්වි-පියවර සත්‍යාපන ක්‍රියාවලියක් හරහා සිය බිල්පතේ අගය ප්‍රධාන ගිණුම් ශේෂයෙන් සෘජුවම අය වීමයි. මෙම නවතම සේවාව පිළිබඳ අදහස් දක්වමින් හච්හි, උපායමාර්ගික හවුල්කාරිත්වය අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ෆිරාස් මාකර් මෙලෙස පවසා සිටියි. Direct carrier billing සේවාවන් ලබා දීම සඳහා Fortumo හා එක්වීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වනවා.

මෙම නවතම ඩිජිටල් ගෙවීම් සේවාවන් හරහා සියලුම හච් පාරිභෝගිකයන්ට දැන් කිසිඳු ගැටලුවකින් තොරව ඔවුන්ගේ ප්‍රියතම apps, games, music, videos ඇතුළු ඕනෑම ඩිජිටල් සේවාවක් සඳහා credit හෝ debit කාර්ඩ් ගෙවීම් වලින් තොරව, හච් ගිණුම හරහා ඉතා පහසුවෙන් ගෙවීම් සිදුකළ හැකියි.

Comments