හේමාස් කන්සි­යු­මර් L’Oréal සමඟ හවු­ල්කා­රී­ත්ව­ය­කට එළ­ඹෙයි | සිළුමිණ

හේමාස් කන්සි­යු­මර් L’Oréal සමඟ හවු­ල්කා­රී­ත්ව­ය­කට එළ­ඹෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන හා බෙදාහැරීම් සමාගමක් වන හේමාස් කන්සියුමර් ලොව අංක එකේ රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක් වන L’Oréal සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත.

මෙම හවුල්කාරීත්වයත් සමඟ හේමාස් කන්සියුමර්හි පුළුල් බෙදාහැරීමේ ජාලයත්, නව්‍ය අලෙවිකරණ ප්‍රවේශයත් ඔස්සේ L’Oréal සන්නාමය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට හැකියාව හිමිවේ.

වර්තමානයේ ඕනෑම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් පාරිභෝගික දැනුවත්භාවය ඉතා ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන් පාරිභෝගිකයන් විසින් එදිනෙදා භාවිත කරන රූපලාවණ්‍ය හා පුද්ගලික සත්කාර අංශයේ වෙ‍ෙළඳ නාමයන් පිළිබඳව ඔවුන් තුළ ඇති අවබෝධය එම භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුමේ විශාල වෙනසක් සිදුකර ඇත. පාරිභෝගිකයන් විසින් හිතකර හා උසස් තත්ත්වයේ විශ්වාසදායී සන්නාමයන් වෙත යොමු වීමේ විශාල ප්‍රවණතාවයක් වර්තමානයේ පවතින අතර, හේමාස් කන්සියුමර් වසර ගණනාවක සිට ශ්‍රී ලාංකේය වෙළඳපොළ තුළට විශ්වාසනීය නිෂ්පාදන සැපයීමේ ප්‍රමුඛයන් ලෙස ක්‍රියා කරයි.

මෙම හවුල්කාරීත්වය හරහා, ලොව පුරා පාරිභෝගික විශ්වාසය රැගත් L'Oréal නිෂ්පාදන භාවිතයට ගැනීමට ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන අතර, මේ හරහා උසස්ම තත්ත්වයේ සම රැකවරණ, හිසකේ සත්කාර, රුපලාවණ්‍ය නිෂ්පාදන, හිරු කිරණින් ඔබව ආරක්ෂා කරනු ලබන නිෂ්පාදන සහ සුවඳ විලවුන් යනාදී නිෂ්පාදන රාශියක් පහසුවෙන්ම මිලදී ගැනීමට හැකියාව හිමිවේ.

Comments