The Grand Ward Place සිංහල දෙමළ හද­වත් යා කරයි | Page 2 | සිළුමිණ

The Grand Ward Place සිංහල දෙමළ හද­වත් යා කරයි

ශ්‍රී ලංකා වේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප්‍රයිම් සමූහය විසින් ඉදිකරනු ලබන සිය අද්විතීය අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන The Grand Ward Place මෙරට සංස්කෘතික අනන්‍ය තාවන් සිහිපත් කරමින් සිංහල හා හින්දු අලූත් අවුරුදු සැමරුම් උත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පවත්වන ලදි.

The Grand Ward Place, සිංහල හා හින්දු අලූත් අවුරුදු සැමරුම් උත්සවය සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තනාපති/ Charge D’affaires හුමයිද් ඩර්විශ් අල් තමිමි, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක, ප්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රයිම් පවුලේ සාමාජිකයන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාව සංස්කෘතික විවිධත්වයෙන් පෝෂණය වූ රටක්. මේ විශේෂත්වය නිසාම අපේ ජාතික උත්සවයන්හිදී සංස්කෘතික විවිධත්වය විචිත්‍රවත් ලෙස සමරනු ලබනවා. මේ සංස්කෘතික සංහිඳියාව සිහිපත් කරමින් The Grand Ward Place, සිංහල සහ දෙමළ ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවය වූ සිංහල හා හින්දු අලූත් අවුරුද්ද පවත්වන්නට අපට හැකි වුණා. එමෙන්ම සමාගම් සමූහයක් ලෙස අපගේ සේවාවන් තවත් පුළුල් කිරීමේ අරමුණෙන් Prime Lands Residencies නුදුරේදීම මහජන කොටස් නිකුතුවක් IPO & සඳහා යෑමට අපේක්ෂා කරන බව සඳහන් කරන්නට කැමතියි ’’ යනුවෙන් ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ පැවසීය.

Comments