HNB FINANCE PLC හැටන් ශාඛාව නව නිව­හ­න­කට | Page 2 | සිළුමිණ

HNB FINANCE PLC හැටන් ශාඛාව නව නිව­හ­න­කට

වසර 20 ක් පුරා ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE PLC හි හැටන් ශාඛාව නව තෙමහල් ගොඩනැගිල්ලකට පිවිසියේය. අභිනව ශාඛාව නොම්මර 167, එම්.ආර්. ටවුන් දික්ඔය පාර හැටන් යන ලිපිනයෙහි පිහිටා ඇත.

HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත්ගේ ප්‍රධානත්වයෙන් රටේ පවතින නිරෝධායන නීතිවලට අනුකූලව අභිනව හැටන් ශාඛාවේ සමාරම්භය සිදු කෙරිණ. නව ශාඛාවේ සමාරම්භයට සමගාමීව හැටන්, නගරය සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් වූ අතර එහිදී HNB FINANCE හි සේවා පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලදි.

හැටන් ශාඛාවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් ‘‘HNB FINANCE හැටන් ශාඛාව නව නිවහනකට පිවිසීමත් සමඟම මධ්‍යම පළාත තුළ මූල්‍ය සේවා තවත් ශක්තිමත් කිරීමට අපට හැකි වන අතර වැවිලි ආශ්‍රිත ආර්ථිකයක ජීවත් වන ප්‍රජාව සඳහා අපගේ රන් ණය පහසුකම්, ලීසිං සහ කුඩා පරිමාණ ව්‍යාපාර ණය මඟින් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නංවා ගැනීමට විශාල සහායක් හිමි වන බැවට කිසිදු සැකයක් නැහැ. එමෙන්ම දිගුකාලයක් පුරා පාරිභෝගික භවතුන් සමඟ ගොඩනගාගත් විශ්වාසයේ සබැඳියාව මත වඩාත් ඉඩ පහසුකම් සපිරි නව කාර්යාල පරිශ්‍රයකට පැමිණීමටත් HNB FINANCE සියලූම මූල්‍ය සේවාවන් එක වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාවත් අප ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදීමට අපට හැකිව තිබෙනවා’’ යනුවෙන් පැවසීය.

Comments