මෙරටින් දිනක වාර්තා වූ වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ | සිළුමිණ

මෙරටින් දිනක වාර්තා වූ වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ

එතෙක් මෙතෙක් මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (05) නිකුත් වී තිබේ. ඒ මරණ 14 ක් ලෙසිනි.
 
ඒ අනුව අවසන් 06 තුලදී පමණක් මෙරට කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 67 දෙනෙකු මරණයට පත්ව ඇත.
 
ඊයේ (05) දින තහවුරු කර ගත් තවත් කොවිඩ් ආශ්‍රිත මරණ 14 ක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කොට තිබේ.
 
ඒ සමඟ මෙරට වාර්තා ගත සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් තිබේ.

Comments