ස්පුට්නික් V එන්නත ලබා දිම ඇරඹේ | Page 2 | සිළුමිණ

ස්පුට්නික් V එන්නත ලබා දිම ඇරඹේ

රුසියානු ස්පුට්නික් V එන්නත ශ්‍රී ලංකාව තුළ ලබාදීම අද (06) උදෑසන ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මාදින්නාගොඩ රජ මහා විහාරයේ දී ආරම්භ කෙරිණි.
 
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
 
අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින්ට මෙම එන්නත ලබා දීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
 
එන්නත ලබා ගැනීමට ජනතාවගේ විශාල උද්‍යෝගයක් දක්නට ලැබිණි.

Comments