නිරෝධායන නීති උල්ලංඝනය කළ 436 ක් අත්අඩංගුවට | සිළුමිණ

නිරෝධායන නීති උල්ලංඝනය කළ 436 ක් අත්අඩංගුවට

ඊයේ දිනයේ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 436 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
 
 නිරෝධායන නීති ක්‍රියාත්මක වන පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට දිනක් තුළ නිරෝධායන නිති උල්ලංඝනය කිරීමෙන් අත්අඩංගුවට ගත් වැඩිම පිරිස ඊයේ වාර්තා විය
 
මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 5922 ක් පමණ වේ
 
අද (07) දිනය තුළ ද මීට අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද නිවැරදිව මුහුණු ආවරණ පළඳින ලෙස ද පොලිසිය මහජනතාව ගෙන් ඉල්ලා සිටියි
 

Comments