නිරෝ­ධා­යන නීති උල්ලං­ඝ­නය කළ 6,000කට වැඩ වරදී | සිළුමිණ

නිරෝ­ධා­යන නීති උල්ලං­ඝ­නය කළ 6,000කට වැඩ වරදී

මුහුණු ආවරණ නොපැලඳීම සහ නිසි ආකාරයෙන් නොපැලඳීම මෙන්ම සමාජ දුරස්ථභාවය නැතිකම ඇතුළු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මැයි 07 වැනිදා බස්නාහිර පළාත ඇතුළත පමණක් පුද්ගලයන් 436 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජංගම වෙළෙඳුන්, පොදු වෙළෙඳපොළ, ගෘහස්ථ ක්‍රීඩාගාර, උද්‍යාන, උපකාරක පන්ති ඇතුළු ස්ථාන 1099 පරීක්ෂා කිරීමෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ ඉකුත් මාස හය ඇතුළත පුද්ගලයන් 5,936 දෙනකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසා පොලිස් අත්අඩංගුවට ගත් බවයි.

Comments