ජයන්ත ධර්ම­දා­සට සිංග­ප්පූ­රුවෙන් මහ­ජන සේවා තරු සම්මා­නයක් | සිළුමිණ

ජයන්ත ධර්ම­දා­සට සිංග­ප්පූ­රුවෙන් මහ­ජන සේවා තරු සම්මා­නයක්

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සිංගප්පූරු ජනතාව වෙත සිදු කළ ධානාත්මක සහ අමිල වූ දායකත්වය වෙනුවෙන් එරට කීර්තිමත් මහජන සේවා තරු සම්මානයෙන් පිදුම් ලැබීය. සිංගප්පූරුවේ ජනාධිපතිනි හලීමා යාකුබ් මහත්මිය විසින් අප්‍රියෙල් 4වැනි දිනට යෙදුණු එරට ජාතික දින සම්මාන උළෙලේදී මෙම සම්මානය ප්‍රදානය කරනු ලැබුවාය. ‘‘ ජීවිතකාලයට එක් වරක් පමණක් දිනා ගත හැකි මෙම සම්මානය ලැබීම පිළිබඳව මම නිහතමානිව සතුටු වන අතර සිංගප්පූරු ජනතාව වෙත මගේ සේවය ලබා දීමට හැකි වීම මා ලද භාග්‍යක් කොට සලකනවා. වසර 50 කට අධික කාලයක් පුරා ආර්ථික , සමාජීය සහ සංස්කෘතික වශයෙන් ඉතා සාධනීය මිතු දමක් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතිනවා.

කීර්තිමත් මහජන සේවා තරු සම්මානය 1963 පළමු වරට පිරිනැමූ අතර එතැන් සිට මේ දක්වා කලාවෙන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ , ක්‍රීඩාවෙන්, විද්‍යාවෙන්, කම්කරු ව්‍යාපාරයන්ගෙන්, සිංගප්පූරු ජනතාව වෙත අමිල වූ කාර්යභාරයක් සිදු කරන පුද්ගලයන් මෙම සම්මානයෙන් ඇගයුමට ලක් කරයි.

Comments