ජාතික තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ උළ­ලේදී IIT ට සම්මාන රැසක් | සිළුමිණ

ජාතික තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ උළ­ලේදී IIT ට සම්මාන රැසක්

ශ්‍රී ලංකාවේ පුරෝගාමී අධ්‍යාපනික ආයතනයක් වන ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් පසුගියදා කොළඹ BMICH පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් අවසන් වූ 2020 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන රැසක් හිමිකර ගත්හ.

මෙවර සම්මාන උළෙලේ සුවිශේෂීත්වයක් වන්නේ තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර නවෝත්පාදන උදෙසා වැඩිම සම්මානලාභී සිසුන් සංඛ්‍යාවක් IIT ආයතනයෙන් බිහි වීමත් සමඟ ඔවුන් අගයමින් BCS Chairman’s Award, IIT වෙත හිමි වීමයි.

මෙවර උළෙලේදී තොරතුරු තාක්ෂණ (IT) කාණ්ඩය යටතේ, ස්ටෙලාන් බ්‍රයන් විසින් Smart Shoe සඳහා රිදී පදක්කම දිනාගත් අතර, දිලුම් ඩී සිල්වා විසින් DAugmentor සඳහා ලෝකඩ පදක්කමද, නිසල් සුදිල් විසින් Cadia Rhythm සඳහා කුසලතා සම්මානයද දිනා ගන්නා ලදී.

“ව්‍යාපාර” (Business) කාණ්ඩය යටතේ Trustcredit සඳහා රන් සම්මානය ඉර්ෆාන් ඉස්මාත් දිනා ගත් අතර, කවිෂ්මා ජයසිංහ විසින් Style Guide සඳහා රිදී පදක්කමද, ගයලි ජයවර්ධන සහ හනා නටාෂා විසින් පිළිවෙළින් TransAssistසහ Chain of Ownership සඳහා වූ කුසලතා සම්මාන දිනා ගන්නා ලදී.

Comments