සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි­යන්ට ‘ෆැමිලි සවාරි’ රන් තිලිණ | සිළුමිණ

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි­යන්ට ‘ෆැමිලි සවාරි’ රන් තිලිණ

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රෙය් ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, කැරට් 22 රන් ප්‍රභාවෙන් තවත් රක්ෂණ ඔප්පු හිමියන් 103 දෙනෙකුගේ දිවි ආලෝකවත් කිරීමට පසුගියදා සමත් විය. සමාගමේ 14 වැනි ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 3 වැනි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් සඳහා පිරිනමන ලද රන් තිළිණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 5 ක් විය.

ප්‍රධාන ත්‍යාගය වූ රුපියල් මිලියනයක් වටිනා රත්තරන් මාතර ප්‍රදේශයේ වාසනාවන්තයකු විසින් හිමිකරගත් අතර රුපියල් 250,000 බැගින් රන් තිළිණ මොරටුව සහ පිළියන්දල ප්‍රදේශ වල ඔප්පුහිමියන් දිනාගත්හ. මීට අමතරව බද්දේගම, බණ්ඩාරවෙල, මඩකලපුව, කොටහේන සහ වැල්ලවත්ත යන ප්‍රදේශයන්හී ජයග්‍රාහකයන් 5 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා රත්තරන් බැගින් හිමි විය.

තවත් රක්ෂණ ඔප්පු හිමියන් 25 දෙනෙකු සඳහා රුපියල් 50,000 බැගින් වටිනා රන් තිළිණ සහ තවත් වාසනාවන්තයන් 70 දෙනෙකුට රුපියල් 25,000 බැගින් වටිනා රන් තිළිණ පිරිනමන ලදි.

මෙම වසරේ තවත් දිනුම් ඇදීම් 3ක් පැවැත්වීමට නියමිත අතර සමස්ත වශයෙන් රක්ෂණ ඔප්පු හිමි 618 දෙනෙක් මිලියන 30 ක් වටිනා රන් තිළිණ හිමිකර ගැනීමට සමත් වනු ඇත.

මීට පෙර ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහන තුළින් පිරිනමන ලද විදෙස් රටවල සහ ලංකාව තුළ විදේශීය සහ දේශීය සංචාර වෙනුවට රන් තිළිණ පිරිනැමීමට පියවර ගන්නා ලද්දේ කොවිඩ්-19 වසංගත රෝගී තත්වය හේතුවෙන් පැන නැඟුණු සංචාරක සීමාවන් සහ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම සැලකිල්ලට ගනිමිනි.

ඉහළ ඡායාරූපයෙන් දැක්වෙන්නේ රුපියල් මිලියනයේ රන් තිළිණය හිමිකරගත් ජයග්‍රාහකයා වන අතර පහළ ඡායාරූපවල රුපියල් 250,000 සහ රුපියල් 100,000 රන් තිළිණ හිමිකරගත් ජයග්‍රාකයන් දැක්වේ.

Comments