‘හෙළ­විරු’ ඩිජිටල් වෙළෙඳපොළ SLT-MOBITEL Epic Technology වෙතින් | සිළුමිණ

‘හෙළ­විරු’ ඩිජිටල් වෙළෙඳපොළ SLT-MOBITEL Epic Technology වෙතින්

SLT-MOBITEL සහ Epic Technology Group එක්ව මෑතකදී “හෙළවිරු” කෘෂි නිෂ්පාදන සහ කෘෂි වෙළෙඳ භාණ්ඩ අලෙවි සහ හුවමාරු ඩිජිටල් වෙළෙඳපොළ හඳුන්වා දෙනු ලැබීය. මෙම නව ඩිජිටල් වෙළෙඳපොළ ඔස්සේ පුළුල් පාරාසයක කෘෂි නිෂ්පාදන සහ කෘෂි වෙළෙඳ භාණ්ඩ පාර්ශ්ව රැසක් සමඟ අලෙවි කටයුතු කිරීමේ සහ හුවමාරු කරගැනීමේ අවස්ථාව උදාවේ.

“හෙළවිරු” මඟින් ගොවීන්ට සහ වගාකරුවන්ට සිය නිෂ්පාදන කඩිනමින් සාධාරණ මිලකට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ, භෞතික වෙළෙඳපොළකට පැමිණීමකින් තොරව අලෙවි කරගැනීමට අවස්ථාව නිර්මාණය කරදී තිබේ.වසංගත තත්ත්වය හමුවේ ගොවීන්හට තම අස්වැන්න විකුණාගැනීමට අවහිරතා පවතින මෙවන් අවධියක මෙවැනි සේවාවක් ඉතාමත් ප්‍රයෝජනවත් වේ.

Epic Technology Group විසින් “හෙළවිරු” ඩිජිටල් වෙළෙඳපොළ සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම කරනු ලැබූ අතර,SLT-MOBITEL වෙතින් එහි ඩිජිටල් බලගැන්වීම සිදුකරනු ලබයි.

එමෙන්ම SLT හි අති නවීන දත්ත මධ්‍යස්ථානය මඟින් සමාගම් දෙක සම්බන්ධීකරණය කරමින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරයි.

මේ අතර LAUGFS සුපර්මාකට් පුද්ගලික සමාගම සහ Softlogic Holdings PLC සමාගම් ද මෙම වැඩසටහනට සම්බන්ධ වී සිටියි. ඒ අනුව එම සමාගම් හරහා, “හෙළවිරු” ඩිජිටල් වෙළෙඳපොළ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැළෙන්නන් අතර ප්‍රවර්ධනය කිරීමත්, ඔවුන්ට මෙම වැඩසටහන් සමඟින් සක්‍රීයව සම්බන්ධ කරවීමත් සිදුකරයි.

Comments