Ideal Six ඩිජි­ට­ල්ක­ර­ණ­යෙන් පෙරට එයි | සිළුමිණ

Ideal Six ඩිජි­ට­ල්ක­ර­ණ­යෙන් පෙරට එයි

ශ්‍රී ලංකාවේ ස්වදේශික නව්‍ය ජංගම යෙදුම් සංවර්ධන සමාගමක් වන Ideal Six සමාගම, මෙරට පළාත් පාලන ආයතන සහ ජනතාව අතර මනා සම්බන්දතාවයක් ඇති කරවමින් නවීන අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සහ වෙනත් සේවාවන් ඩිජිටල් වේදිකාවන් හරහා මෙරට පළාත් පාලන ආයතන සඳහා ලබා දේ.

එහිදී ඩිජිටල් දැනුවත් කිරීම් හා නිවේදනවල සිට පැමිණිලි කළමනාකරණය, ගෙවීම් සහාය සහ ලිපිගොනු කළමනාකරණය දක්වා Ideal Six වේදිකාව ප්‍රාදේශීය සභා සහ ජනතාව වෙත පුළුල් සේවාවන් රැසක් සපයයි. Ideal Six හි ආරම්භය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන තරුණ තරුණියන් සඳහා වන HackaDev – Sri Lanka හී ප්‍රමුඛතම Hackathon තුන්වන සංස්කරණය දක්වා දිව යයි. එහිදී Ideal Six, 2017 දී එහි ජංගම යෙදුම් පදනම් කරගත් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය සඳහා වූ තරඟයේ ජාතික මට්ටමේ ජයග්‍රාහකයා බවට පත්විය.

ඒ අනුව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා (UNDP) විසින් මුලික ප්‍රාග්ධනය ලබා දුන් අතර එමඟින් ඇඹිලිපිටිය නගර සභාව සමඟ සිය ප්‍රථම පර්යේෂණ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

Ideal Six සමාගම යනු මෙරට ප්‍රාදේශීය සභා ඩිජිටල්කරණය කිරීම සඳහා පරිවර්තනීය දැක්ම මඟින් මෙහෙයවනු ලබන නවීනතම ගෘහස්ථ තාක්ෂණික සමාගමකි.

Comments