SLT- MOBITEL හඳු­න්වා­දෙන වසර පුරා වාසි ලබා දෙන ‘Laptop Fiesta’ | සිළුමිණ

SLT- MOBITEL හඳු­න්වා­දෙන වසර පුරා වාසි ලබා දෙන ‘Laptop Fiesta’

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT- MOBITEL, සිය විශ්වාසවන්ත පාරිභෝගිකභවතුන් උදෙසා විශේෂයෙන්ම හඳුන්ව දෙන ලද 'Laptop Fiesta' ත්‍යාග වැඩසටහනේ සමාරම්භය පසුගියදා සනිටුහන් විය. SLT-MOBITEL ජංගම සහ ස්ථාවර දුරකථන සම්බන්ධතා අත්විඳින සියලුම පාරිභෝගිකයන් වෙත නවමු අත්දැකීමක් ලබා දෙන මෙම වැඩසටහන SLT-MOBITEL සන්නාම ඒකාබද්ධතාවයේ තවත් වැදගත් සන්දිස්ථානයක් ලෙස හැඳින්විය හැක.

මෙහිදී, සියලුම SLT-MOBITEL පාරිභෝගිකයින්ට බිල්පත් ගෙවීම් සහ රීලෝඩ් කිරීම හරහා වසර පුරාම මෙම ත්‍යාග දීමනාවට ඇතුළත්වීමේ සුදුසුකම හිමි වන අතර, එමඟින් වාසනාවන්ත ජයග්‍රාහකයන් 15 දෙනෙකුට සෑම සතියකම ලැප්ටොප් දිනා ගැනීමේ අවස්ථාව උදාවේ.

රට තුළ ඩිජිටල්කරණය වේගවත්ව සිදුවෙමින් පවතින අවස්ථාවක, ලැප්ටොප් පරිගණකයක් දිනා ගැනීමේ අවස්ථාව තමන්ගේ විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට ලබා දීමේ වැදගත්කම SLT- MOBITEL විසින් මනාව හඳුනාගෙන තිබේ. මෙමගින් විවිධ අන්තර්ජාල තොරතුරු මුලාශ්‍ර හරහා අසීමිත තොරතුරු ප්‍රමාණයක් වෙත ප්‍රවේශය වීමේ අවස්ථාව තම පාරිභෝගිකයන්ට ලබාදෙමින්, ඔවුන්ගේ අන්තර්ජාල ප්‍රවේශයේ සීමාවන් පුළුල් කිරීමට SLT- MOBITEL බලාපොරොත්තු වේ.

Comments