හුදකලා කර ඇති පානදුර පිංවත්තට ඔෂධීය කොත්තමල්ලි වතුර | සිළුමිණ

හුදකලා කර ඇති පානදුර පිංවත්තට ඔෂධීය කොත්තමල්ලි වතුර

රතන සූත්‍රය දේශනාකරමින් පිරිත් කරන ලද ඔෂධීය කොත්තමල්ලි පානය මේවන විට හුදකලා කර ඇති පානදුර පිංවත්ත පොලිස් වසමේ සියලු නිවාස වෙත බෙදා දීමේ වැඩසටහනක් පිංවත්ත පොලිසියේ මූලිකත්වයෙන් ඊයේ(09) සිදු විය. 
 
වාද්දුව කලාපය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන්ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිතව එය දියත් කළ බව පිංවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ සුරංග රණවීර මහතා පැවසීය. 
 
ඔෂධීය කොත්තමල්ලි පානය බෙදා දීම සදහා පොලිසියේ වාහනවලට අමතරව පුද්ගලික වාහන ද යොදා ගෙන තිබුනි.
 
 

Comments