රථ­වා­හන සිහි­නයට CLC වෙතින් නම්‍ය­ශීලි ලීසිං පහ­සු­කම් | සිළුමිණ

රථ­වා­හන සිහි­නයට CLC වෙතින් නම්‍ය­ශීලි ලීසිං පහ­සු­කම්

රථවාහන ආනයනය සීමාකර ඇති මෙවන් කාලයක ලියාපදිංචි රථවාහන සඳහා වෙළඳපොළ තුළ අධික ඉල්ලුමක් පවතී. මිස් කරගන් නැතුව ලීස් කරගන්න, යන තේමාව යටතේ ක්‍රියාත්මකවන මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පෞද්ගලික පරිහරණය සඳහා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කටයතු උදෙසා භාවිත කරන ලොරි රථ ට්‍රක් රථ ආදිය සඳහාත් මෙම පහසුකම අත්විඳිය හැකිය.

ළඟමපිහිටි කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ශාඛාවක් වෙත ගොස් ආකර්ෂණීය පොලී අනුපාත යටතේ අවම ලියකියවිලි සමඟින් ලීසිං පහසුකම් ලබාගැනීමට හැකියාව හිමිවේ.

තවද මේ හරහා ගනුදෙනුකරුවන්ගේ අදායම් මට්ටම්වලට ගැලපෙන වඩාත් නම්‍යශීලි ගෙවීම් හිමිවන අතර ඉතාමත් කඩිනමින් එක්දිනක් තුළදී මෙම පහසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

Comments