අගමැති මොහොමඩ් නෂිගේ සුවදුක් විමසයි | සිළුමිණ

අගමැති මොහොමඩ් නෂිගේ සුවදුක් විමසයි

බෝම්බ ප්‍රහාරයකට ලක්ව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ සුව දුක් විමසීම සඳහා අද (11) දුරකථන ඇමතුමක් ලබා ගෙන ඇත
 
පියාට අද (11) දින අරලියගහ මන්දිරයේ සිට දුරකථන ඇමතුමක් දුන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නෂීඩ් මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මොහොමඩ් නෂිම් මහතාගේ පියා සමඟ දුරකථන සංවාදයේ යෙදී ඇත
 
හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතාගේ පියා අබ්දුල් සතාර් මහතාට මෙසේ දුරකථන ඇමතුමක් දුන්අග්‍රාමාත්‍යතුමා, නෂීඩ් මහතාගේ සුව දුක් විමසමින් එතුමා සුවපත් කිරීම වෙනුවෙන් කළ හැකි කිසියම්උපකාරයක් අවශ්‍ය නම් ඒ බව දන්වන ලෙස ද ඉල්ලා සිටියේය.
 
පසුගිය මැයි 06 වැනිදා රාත්‍රියේ දී මාලදිවයිනේ පිහිටි සිය නිවසේ පිටත නවතා තැබූ තම මොටර් රථයට පිය නගමින් සිටිය දී මොහොමඩ් නෂීඩ් මහතා මෙම බෝම්බ  ප්‍රහාරයට ලක්විය.
 
මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඒ මහතා පැය 16ක සැත්කමකට ලක් වීමෙන් පසු මේ දක්වා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
 

Comments