රන් බිස්කට් සමඟ ගුවන් තොටුපළ දී පුද්ගලයෙකු අත්අඩංගුවට | සිළුමිණ

රන් බිස්කට් සමඟ ගුවන් තොටුපළ දී පුද්ගලයෙකු අත්අඩංගුවට

ඕමාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී රන් බිස්කට් 18 ක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
 
ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගෙන ඇත
 
මීගමු ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සැකකරු තම රහස් ප්‍රදේශයේ මෙම රන් බිස්කට් තොගය සඟවා පැමිණ ඇති බව වාර්තා වේ
 
මොහොමඩ් හුස්මාන් නැමැති මෙම පුද්ගලයා රේගුවට භාර දී ඇත
 

Comments