නාග පැට­වුන්ට නිද­හස දුන් කන්නෙ­ලියේ විෂාන් | සිළුමිණ

නාග පැට­වුන්ට නිද­හස දුන් කන්නෙ­ලියේ විෂාන්

එච්. ඩබ්ලිව්. විෂාන්  පුෂ්ප­මාල්

 

 

ගාල්ල කන්නෙලිය ප්‍රදේශයේ පදිංචි එච්. ඩබ්ලිව්. විෂාන් පුෂ්පමාල් පරිසර හිතකාමියෙකි. එමෙන්ම ඔහු පරිසරවේදියෙකි. විෂාන් කුඩාකල සිටම ගහකොළට සතා සිවුපාවන්ට ස්වාභව සෞන්දර්යට පෙම් බැද්දේය. විෂකුරු සර්පයින් අල්ලා සුදුසු පරිසරයකට මුදා හැරිම ඔහු පාසල් වියේ සිටම කරගෙන ගියේය. ඔහු වසර 15ක පමණ සිට සර්පයන් පිළිබද අධ්‍යයන කටයුතු සිදුකරන්නේය. ඔහු විසන් ලංකාවට ආවේණික කරවලුන් විශේෂයක් කන්නේලිය ප්‍රදේශයෙන් පසුගියදා සොයාගනු ලැබිය.

 

කන්නේලිය හා ඒ අවට ප්‍රදේශවල නිවසකට ගෙවත්තකට සර්පයකු පැමිණියහොත් නිවෙස් හිමියා බෝහෝ විට මේ ගැන දැනුම් දෙන්නේ විෂාන්ටය. අවස්ථාවක් තිබු හැම අවස්ථාවකදිම විෂාන් එම ස්ථානවලට ගොස් සර්පයාගේ ජිවිතය බේරාගෙන සුදුසු පරිසරයකට මුදා හැරිමට කටයුතු කරන්නේය.

“අපේ ගෙදරට විශාල නාගයෙක් ඇවිත් විෂාන් මල්ලි.“ මේ නාගයා අල්ලාගෙන යන්න මිට මාස තුනකට පමණ ඉහතදි හිනිදුම විරපාන ඕපාත ප්‍රදේශයේ නිවෙස් හිමියෙකු විෂාන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් එසේ කිවේය. විෂාන් එම නිවසට ගොස් නාගයා අල්ලා ගෙන ඒ අවට පරිසරයකට මුදා හැරිමට කටයුතු කළේය.

මෙම කාලය සර්පයන්ගේ අභිජනන කාලය බව විෂාන් දැන සිටියේය. එම නිසා මෙම නාගයාගේ බිත්තර මේ අවට පරිසරයේ ඇති බවට විශ්වාස කළ විෂාන් අවට පරිසරය නිරික්ෂණය කළේය. නාගයා සිටි අවට පරිසරයේ තිබු නාග බිත්තර 40ක් පමණ සොයාගැනිමට විෂාන්ට හැකිවිය. එකී නාග බිත්තර පරිසරයට මුදා හැරියහොත් සතුන් විසින් කාදමා විනාශවිය හැකි බව දැන සිට විෂාන් නාග බිත්තර තම නිවස වෙත රැගෙන එමට කටයුතු කළේය. ඔහු නාග බිත්තර 40 වීදුරු පෙට්ටියක දමා මාස තුනක කාලයක් තිස්සේ රැක බලා ගැනිමට කටයුතු කළේය. ඔහු නාග බිත්තර පිළිබද නිරතුරුව විපරමින් සිටියේය. සෑම දිනකම පාහේ වීදුරු පෙට්ටියේ ඇති නාග බිත්තර විෂාන් විසින් පරික්ෂා කළේය. සමාන්‍යයෙන් දින 62 කදි පමණ බිත්තරයකින් නයි පැටවකු බිහිවන බව ඔහු දැන සිටියේය. කෙසේ වෙතත් දින 90ක් පමණ ගතවනවිට මෙම බිත්තර වලින් නයි පැටවු එකා දෙන්නා එළියට එන්නට විය. එසේ බිත්තර වලින් බිහි වූ නයි පැටවු ගණන 22 කි.

නයි පැටව් බිහිවිමෙන් පසු වැඩිකාලයක් විදුරු පෙට්ටිය තුළ දමා තබා ගැනිම සුදුසු නොවන බව විෂාන් දැන සිටියේය. එම සර්පයන්ට ගොදුරු සොයා යාමට ඉඩදිය යුතුය. ඒ සඳහා සුදුසු පරිසරයකට නයි පැටවු මුදා හැරිය යුතුය.

සර්පයකු අල්ලාගත් පසු සුදුසුම කාර්ය වන්නේ නාගයා සිටි ආසන්නම කැළැබද ප්‍රදේශයකට එම සතා මුදා හැරිමය. හේතුව එම සතුන්ට ජානමය වෙනස්කම් ඇති විමට ඉඩ තිබීමය.

ඒ විතරක් නොව නාගයා හමුවු පරිසරයේ සිට කිලෝමිටර් 50ක 60 දුර පිහිටි වෙනත් පරිසර පද්ධතියකට මුදා හැරියහොත් එම සතාට අනතුරක් විය හැක. එමෙන්ම ඒ සතාගෙන් වෙනත් සතුන්ටද අනතුරක් විය හැක. මේ නිසා සුදුසුම කාරියවන්නේ නාගයාට උරුම පරිසර පද්ධතියකට එම සතා මුදා හැරිමයි. කන්නෙලිය මල්ගල්ල ප්‍රදේශයේ පිහිටි කැළැබද ප්‍රදේශයකට මෙම නයි පැටවු 22 දෙනා මුදා හැරිමට විෂාන් කටයුතු කළේය.

සර්පයන්ට පෙම්බිඳින විෂාන් ඇතැම් අවස්ථාවලදි සිය ජිවිතයද පරදුවට තබා සර්පයන්ගේ ජිවිත බේරාගැනිමට කටයුතු කරන්නේය. එක් අවස්ථාවකදි නිවසට පැමිණි නාගයකු අල්ලා ගැනිමට යාමේ දි විෂාන්ට නාගයකු දෂ්ට කළේය. තවත් අවස්ථාවකදි ඔහු සර්පයින් පිළිබඳ අධ්‍යයන කටයුත්තක නිරතව සිටියදි පොළොන් පැටියකුගේ දෂ්ට කිරිමකට ලක්විය. සය හැවිරිදිවියේ පසුවන විෂාන්ගේ එකම පුතුද සතුන්ට දැඩිලෙස ආදාරය කරන්නේය. එක් අවස්ථාවකදි මේ පුංචි පුතුද නිර්විෂ සර්පයකුගේ දෂ්ට කිරිමට ලක්විය. සිය ජිවිතයද අනතුරේ තබාගෙන සර්පයන්ගේ පැවැත්ම වෙනුවෙන් විෂාන් සුවිශේෂිවු කාර්යභාරයක් සිදුකරන්නේය.

කුඩා කල සිට දරුවන් පරිසරයට ගහකොළට සතා සිවුපාවන්ට ආදරය කිරිමට පුරුදු පුහුණු කළ යුතු බව විෂාන්ගේ අදහසයි. විෂාන්ගේ හය හැවිරිදි පුතුද සර්පයන් ඇල්ලිම ඇතුළු කටයුතු සඳහා විෂාන් සමඟ එක් වන්නේ බොහෝ කැමැත්තෙනි.

ඒ කොයි හැටිවුවද නයාට ගහලා පොල්ලවරද්දවා ගත්තා වාගේ, නයාට අඳුකොළ වගේ, මේ අපේ ජනප්‍රවාදයේ එන කියමන්ය. සර්පයන් පිළිබඳ ඇත්තේ මිත්‍යා මතයන්ය. මෙම මිත්‍යා මත නිසා සර්පයින් විශාල පිරිසකට වාර්ෂිකව සිය ජිවිත වලින් වන්දි ගෙවිමට සිදුවෙති.

“සර්පයන්ට තියෙන බිය, මිත්‍යා විශ්වාස, පිළිකුල් බව නිසා සර්පයන් විශාල පිරිසක් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මිය යනවා. ලංකාවේ හමුවන්නේ උග්‍ර විෂ සතුන් 05 දෙනයි. මේ සතුන් හඳුනා ගැනිම ඉතා වැදගත් වෙනවා. වෙනත් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ සිටින සර්පයන් සංඛ්‍යාව වැඩියි.

පරිසරයේ සමතුලිත බව රැක ගන්න. සර්පයින්ගේ විෂ පාවිච්චිකරලා බෙහෙත් හදනවා. සැම සර්පයකුගෙන් පරිසරයට විශාල දායකත්වයක් ලබාදෙනවා. මේ නිසා අපි සර්පයින් ආරක්ෂා කළ යුතුයි. සර්පයන්ට කථාකරලා යන්න කිම විද්‍යාත්මකව කිසිදු සම්බන්දතාවයක් නැහැ. කිසිදු සර්පයෙකුට මතු පිහිටි කන් නැහැ. සර්පයන්ට සංනිවේදනය කරගන්න ආකාර දෙකක් පමණයි තියෙන්නේ.

එකක් තමයි පොළවේ තියෙන දෙදරිම. ශබ්ද තරංග වාතයත් සමඟ ගොස් දිවෙන් ශබ්ද තරංග හඳුනා ගන්නා එක. නළා පිම්බා කියාල සතුන් යන්නේ නැහැ.

අපි යන විට පොළවේ ඇතිවන දෙදරිම නිසා තමයි සර්පයන් යන්නේ. වනාත්තර මායිම් තමයි බහුතරයක් සර්පයන්ගේ වාසස්ථාන වන්නේ.

ඉඩම් එළිපෙහිලි කිරිම ආදි කටයුතු නිසා වාර්ෂිකව විශාල සර්පයන් සංඛ්‍යාවක් අපිට නැතිවෙලා යනවා. සතුන්ගේ ජිවන පැවැත්මට හා අනිකුත් සතුන්ගේ බේරිලා ඉන්න පරිසරය සතුන්ට ඉතා අත්‍යවශ්‍යයි.

පරිසරයට ආදරය කරන එක මිනිසුන්ගේ හදවතින්ම එන්න ඕන. කෑම එක ඔතාගෙන එන පොලිතින් කවරය පවා පාරේ විසිකරලා යන සමාජයක් තමයි අද අපට දකින්න තියෙන්නේ.

අපි හැමවිටම ගහකොළ පරිසරයට වගේම එහි වෙසෙන සතා සීපාවාටත් ආදරය කළ යුතුයි.“ විශාන් පවසන්නට වුයේය.

 

Comments