අත්‍යවශ්‍ය ඖෂධ නිවෙසටම | සිළුමිණ

අත්‍යවශ්‍ය ඖෂධ නිවෙසටම

රාජ්‍ය ඔසුසල් සේවාවද අත්‍යවශ්‍ය කර ඇති හෙයින් සංචරණ සීමා පනවා ඇති සමයන්හි ජනතාවට අත්‍යවශ්‍ය සියලු ඖෂධ බාධාවකින් තොරව නිවෙසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සකසා ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

ඒ සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ www.spc.lk වෙබ් අඩවියෙහි ප්‍රසිද්ධකර ඇති දුරකථන අංකවලට ඖෂධ වට්ටෝරුවේ ඡායාරූපයක්, දුරකථන අංකය සහ ලිපිනය සමඟ වට්ස්ඇප් පණිවිඩයක් පමණක් එවන ලෙසත් එම අංකවලට ඇමැතුම් නොදෙන ලෙසත් සඳහන් කරන සභාපතිවරයා; අනතුරුව ඖෂධ අවැසි පුද්ගලයන්ගේ දුරකථන අංකවලට සිය සේවකයන් ඇමැතුම් ගෙන කඩිනම් අවැසි සේවාව ලබාදීමට සැදි පැහැදි සිටින බවත් සඳහන් කරයි. එසේම වට්ස්ඇප් පහසුකම් නොමැති නම් දුරකථන ඇමැතුම් මඟින් අවශ්‍යතාව දැන්වීමට සිය වෙබ් අඩවියෙහි වෙනත් දුරකථන අංක කිහිපයක්ද සඳහන් කර ඇතැයි හෙතෙම පවසයි.

Comments