දඹුල්ල ආර්ථි­ක­යට රජයේ අතහිත | සිළුමිණ

දඹුල්ල ආර්ථි­ක­යට රජයේ අතහිත

ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩ ගැසී ඇති එළවළු කිලෝ ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් රජය විසින් මිලදී ගෙන යුද හමුදා කඳවුරු හා පෞද්ගලික අංශ වෙත ලබාදීමට රජය කටයුතු කර ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

පළාත් සභා, රාජ්‍ය සේවා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ මෙහෙයවීම මත අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් පසු මේ තීරණයට එළැඹි බව මන්ත්‍රීවරයා පැවැසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සිකුරාදා පමණක් එළවළු කිලෝ ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබිණි.

Comments