සංච­රණ නීති අකුරටම: කැඩුවොත් වැඩ වරදී | සිළුමිණ

සංච­රණ නීති අකුරටම: කැඩුවොත් වැඩ වරදී

බන 17 වැනි සඳුදා දින සිට 31 වැනිදා දක්වා කාලය තුළ හැඳුනුම්පතේ අංකවලට අනුව අත්‍යවශ්‍යම කටයුත්තක් සඳහා නිවෙසකින් එක් පුද්ගලයකු පමණක් බැහැරට යාමේ ක්‍රියාවලිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවැසීය.

ඒ අනුව ඉදිරි දිනවලදී මහජනයා සිය දෛනික අවශ්‍යතා සැලැසුම් කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකළ යුතු සේම දෛනිකව රැකියාවලට නොයන ජනයා මෙකී ක්‍රමවේදයට අනුගතව නිවෙසින් බැහැරට යෑම සිදුකළ යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය. ඊට පටහැනිව කටයුතු කරන සියල්ලන් නිරෝධායන රීතිය යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

 

Comments