අමිල ගෝල්ඩ්හ­වුස් වෙත රිදී සම්මාන දෙකක් | සිළුමිණ

අමිල ගෝල්ඩ්හ­වුස් වෙත රිදී සම්මාන දෙකක්

ගාල්ල නගරය කේන්ද්‍රකර ගනිමින් දශක දෙකක් පුරා නමක් දිනාගත් ප්‍රමුඛපෙළේ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් වන අමිල ගෝල්ඩ්හවුස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ වසරේ ව්‍යවසායකයා සම්මාන උළෙලේදී දකුණු පළාතේ, මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් සහ ජාතික මට්ටමේ, මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

සම්මානඋළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මීට පෙරද විවිධ සම්මාන රැසකින් අමිල ගෝල්ඩ් හවුස් ආයතනය පිදුම් ලබා ඇත.

Comments