ඩෙන්ටල් වන් සමා­ගමේ නව­තම මුඛ සෞඛ්‍ය සාය­නය මීග­මුවේ | සිළුමිණ

ඩෙන්ටල් වන් සමා­ගමේ නව­තම මුඛ සෞඛ්‍ය සාය­නය මීග­මුවේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන ඩෙන්ටල් වන් විසින් සිය අති නවීන තාක්ෂණ පහසුකම් වලින් යුත් නවතම දන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානය මීගමුවේ දී පසුගිය දා විවෘත කරන ලදී. මීගමුව හලාවත පාරේ අංක 08 දරන ස්ථානයෙහි පිහිටා ඇති මෙම නව සායනය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් ජාත්‍යන්තර රොටරි සමාජ දිස්ත්‍රික් 3220 අධිපති අජිත් වීරසිංහ සහභාගී විය.

ඩෙන්ටල් වන් දන්ත සායන ජාලය ආරම්භ කරන ලද්දේ, නවීනතම පහසුකම් සහිත උසස් තත්ත්වයේ දන්ත වෛද්‍ය සේවයන් ලබා දෙන විශේෂිත දන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම අරමුණෙනි. ඩෙන්ටල් වන් මඟින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වඩාත් පුළුල් මුඛ සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව ඇත. මීගමුව නගරය මධ්‍යයේ විශේෂ පහසුකම් සහිතව ඉදි කර ඇති ඩෙන්ටල් වන් මීගමුව දන්ත සායනය රෝගීන්ගේ සුවපහසුව කේන්ද්‍ර කර ගනිමින් සැලසුම් කර ඇත. මනා වෘත්තීයමය පුහුණුව ලත් විශේෂඥයන්ගෙන් සමන්විත, මිත්‍රශීලී කාර්ය මණ්ඩලය සෑම විටම රෝගීන් හට වේගවත්, සරල හා ප්‍රසන්න අත්දැකීමක් ලබා දීමට සූදානම්ව සිටී.

Comments