HNB FINANCE PLC හැටන් ශාඛාව නව නිව­හ­න­කට | සිළුමිණ

HNB FINANCE PLC හැටන් ශාඛාව නව නිව­හ­න­කට

වසර 20 ක් පුරා ශ්‍රී ලාංකීය පාරි­භෝ­ගික ජන­තාව වෙත නම්‍ය­ශීලී මූල්‍ය සේවා­වන් තිළිණ කළ HNB FINANCE PLC හි හැටන් ශාඛාව අප්‍රි­යෙල් 9 වැනි දින නව තෙම­හල් ගොඩ­නැ­ගි­ල්ල­කට පිවි­සි­යේය. අභි­නව ශාඛාව නොම්මර 167, එම්.ආර්. ටවුන් දික්ඔය පාර හැටන් යන ලිපි­න­යෙහි පිහිටා ඇත.
HNB FINANCE හි කළ­ම­නා­කාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධා­යක නිල­ධාරී චමින්ද ප්‍රභාත් ගේ ප්‍රධාන­ත්ව­යෙන් රටේ පව­තින නිරෝ­ධා­යන නීති­ව­ලට අනු­කූ­ලව අභි­නව හැටන් ශාඛාවේ සමා­ර­ම්භය සිදු කෙරිණ. නව ශාඛාවේ සමා­ර­ම්භ­යට සම­ගා­මීව හැටන්, නග­රය සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කර ගනි­මින් විශේෂ ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නක් දියත් වූ අතර එහිදී HNB FINANCE හි සේවා පිළි­බ­ඳව මහ­ජ­න­තාව දැනුම්­වත් කරන ලදි.

Comments