තවත් දිස්ත්‍රික්ක 12කට කොවිඩ් එන්නත අනිද්දා සිට | සිළුමිණ

තවත් දිස්ත්‍රික්ක 12කට කොවිඩ් එන්නත අනිද්දා සිට

බන ජූනි මස 8 වැනිදා සිට දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 12ක් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කර ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඒ අනුව මාතලේ, නුවරඑළිය, කෑගල්ල, හම්බන්තොට, ත්‍රිකුණාමලය, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකළපුව,මොණරාගල හා පොළොන්නරුව දිස්ත්‍රිකකවල ජනතාවට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලබා දෙන බවව ඔහු පෙන්වා දුන්නේය.

මෙම එන්නත් ලබාදීම සිදු කෙරෙන්නේ සෞඛ්‍ය අංශවලින් නිර්දේශ කරනු ලබන අවදානම් සහිත ග්‍රාම නිලධාරි වසම් තෝරා ගැනීමෙන් පසුව බවද ඔහු පැවසීය.

එමෙන්ම එන්නත් ලබාදීමේදී අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්, ගර්භනී මවුවරුන් හා රාජ්‍ය සේවකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දන්වා ඇති බවද හමුදාපතිවරයා පැවසුවේය.

 

Comments