සංචරණ නීති රැකීමේ ප්‍රතිඵලය ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම් දීමක් (VIDEO) | සිළුමිණ

සංචරණ නීති රැකීමේ ප්‍රතිඵලය ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම් දීමක් (VIDEO)

පැතිර යන කොරෝනා ව්‍යසන තත්ත්වය හමුවේ රජය විසින් බොහෝ දේ කැප කර පනවා ඇති සංචරණ නීති මහජනතාව තනි තනිව රැකීම තුළින් එහි ප්‍රතිඵලය ද මහජනතාවට බුක්ති විදීමේ හැකියාව පවතින බව සිහියේ තබා ගත යුතු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
 
එමෙන්ම සංචරණ නීති පිළිපැදීමට ලක් කරන කරුණක් බවට පත් කර ගන්නා ලෙසත් අදාළ නීති සමච්චල් කිරීමකට ලක් නොකරන ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා මහහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.
 
"මෙම අවස්ථාවේ කාටවත් බොරු කර වැඩක් නොමැති බවත් අවසාන ප්‍රතිඵලය පැමිණෙන්නේ තමන්ටමයි. තමන්ට තමන් හදවතින්ම සිදු කළ යුතු කාරණයක්. අපි පවතින නීත කඩ කිරීමට ලක් කරන විට ආරක්ෂක අංශයන් හි රාජකාරිය අපහසුතාවට හා එම කටයුතු තවත් සකීර්ණත්වයට පත්වීමක් සිදුවෙනවා." යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කරයි.
 
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා මේ බව සදහන් කර සිටියේ ලේක්හවුස් 'මාංචු පුවත්පත' සම්බන්ධීකරණයෙන් සිදු කළ වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකදී ය. 
 
එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකියි.

Comments