සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වෙන් එළ­වළු 12ක මල්ලක් රුපි­යල් 500ට | සිළුමිණ

සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වෙන් එළ­වළු 12ක මල්ලක් රුපි­යල් 500ට

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචරණ සීමාවෙන් නිවෙස්ගතව සිටින මහජනතාව උදෙසා වියළි අහාර හා එළවළු දෙපාර්තමේන්තුවේ භට පිරිසගේ ශ්‍රම දායකත්වයෙන් සහන මිලට අලෙවි කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ඇසුරුම් සකස් කිරීම දෙපාර්තමේන්තුවේ වැලිසර කඳවුරේදී සිදු කෙරේ. එළවළු 12කින් සමන්විත මල්ලක් රුපියල් 500ක සහන මිලකට ලබාදීමට කටයුතු කෙරේ. එම වැඩපිළිවෙළ සිදු වන ආකාරය පිළිබඳව සොයා බැලීමට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පසුගියදා එහි ගොස් පරීක්ෂා කර බැලූවේය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන සේනාධීර අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් උදේනි සේරසිංහ හා ව්‍යාපෘති කර්නල් අධ්‍යක්ෂ චම්ලි රත්නායකද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Comments