කොවිඩ් අභි­යෝග ජය­ගන්න හුවා­වෙයි සමා­ග­මෙන් මුදල් පරි­ත්‍යා­ග­යක් | සිළුමිණ

කොවිඩ් අභි­යෝග ජය­ගන්න හුවා­වෙයි සමා­ග­මෙන් මුදල් පරි­ත්‍යා­ග­යක්

හුවාවෙයි සමාගමේ නියෝජිත පිරිසක් මැයි (31) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් හමුවී ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2ක මුදලක් ප්‍රදානය කළහ. වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හුවාවෙයි සමාගම අඛණ්ඩව දක්වන සහයෝගය මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. හුවාවෙයි සමාගමේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අංශයේ උප සභාපති චෙන් මින්ජි මෙහි දී හුවාවෙයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පීඨය ඔස්සේ ලංකාවේ ක්‍රියාත්මක පස් අවුරුදු සමාජ සත්කාර වැඩසටහනඅග්‍රාමාත්‍යවරයාට හඳුන්වා දුන්නේය. සිසුන් 10000ක පිරිසක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතාවෙන් පිරිපුන් පිරිසක් බවට පත්කිරීම මෙම සමාජ සත්කාර වැඩසටහනේ අරමුණයි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, හුවාවෙයි සමාගමේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අංශයේ උප සභාපති චෙන් මින්ජි, හුවාවෙයි ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ලියාං යී, මහජන සම්බන්ධතා හා සන්නිවේදන අධ්‍යක්ෂ ක්‍රි ස්ටෝෆ් ලී, ව්‍යාපාර හා ව්‍යවසාය අංශ ප්‍රධානී ෂියාඕ හුවා යන අය එක්වූහ.

Comments