කෝවිඩ් වසං­ග­තය පැර­ද­වි­මට ප්‍රයිම් සමූ­හ­යත් එක් වෙයි | Page 2 | සිළුමිණ

කෝවිඩ් වසං­ග­තය පැර­ද­වි­මට ප්‍රයිම් සමූ­හ­යත් එක් වෙයි

ලංකාවේ විශාලතම නිවාස හා දේපළ සමූහයවන ප්‍රයිම් ව්‍යාපාර සමූහය, කෝවිඩ් වසංගතය මැඬලීම සඳහා ශ්‍රී ලාංකීය ව්‍යාපාර සමූහයක් ලෙස ලබා දිය හැකි දායකත්වය උතුම් වෙසක් මාසයේදී ලබාදෙමින් කෝවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගන්නා කෘතිම ශ්වසන යන්ත්‍රයක් Non-invasive Ventilators ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහලට පසුගියදා පරිත්‍යාග කරන ලදි.

කෝවිඩ් වසංගතය මැඬලීම සඳහා පරිත්‍යාගශීලී ලාංකිකයින්ගේ උපකාරය රජය විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී කඩිනමින් මෙම කෘතිම ශ්වසන යන්ත්‍රයක් ලබා දීමට ප්‍රයිම් සමූහය පියවර ගැණින.

ප්‍රයිම් සමූහය විසින් පරිත්‍යාග කරන ලද කෘතිම ශ්වසන යන්ත්‍ර යුගලය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය සසංක වෙඩිසිංහ වෙත භාර දීම ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මේ අවස්ථාවට ප්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ඇතුළු ෙජ්‍යෂ්ඨ කළමනාකරණ සාමාජිකයෝ රැසක් සහභාගී වූහ.

Comments