පැල්වත්ත කිරි සමා­ග­මෙන් කාබ­නික පොහොර වර්ග රැසක් | සිළුමිණ

පැල්වත්ත කිරි සමා­ග­මෙන් කාබ­නික පොහොර වර්ග රැසක්

 

 

 

අනාගත පරපුරේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි මහ කන්නයේ සිට කෘෂි රසායන තහනම් කිරීමට රජය ගත් තීරණය මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම අගය කරයි.

පැල්වත්ත කිරි සමාගම මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ඉහළ නැංවීම සඳහා කොම්පෝස්ට් නිෂ්පාදනය දියුණු කිරීම සඳහා වූ දැවැන්ත දිරිගැන්වීමේ ක්‍රියාවලියක් දියත් කර ඇත. එලෙසම අභියෝග රැසකට මුහුණ දෙන කාබනික පොහොර කර්මාන්තයට ජනාධිපතිවරයාගේ තීරණය වැඩිදුරටත් සහාය වනු ඇතැයි ද සමාගම විශ්වාස කරයි. පැල්වත්ත කිරි සමාගම මෙරට කිරි කර්මාන්තයේ උන්නතිය උදෙසා සැලකිය යුතු දායකත්වයක් සපයන සමාගමක් ලෙස, ආර්ථික වර්ධනය හා විශේෂයෙන් මහජනතාවගේ යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා රජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ අත්වැල් බැඳ ගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටි. සිය නවතම කාබනික පොහොර (කොම්පෝස්ට්) පසුගිය වසරේ ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දුන් පැල්වත්ත සමාගම කෘත්‍රිම පොහොර මෙන් නොව කාබනික කොම්පෝස්ට් මඟින් කර්මාන්තයට හෝ පාරිභෝගිකයාගේ සෞඛ්‍ය හා ජීවන පුරුදු වලට සිදුවන හානිය ඉතා අවම තත්ත්වයක පවතින බව සහතික කරයි.

Comments