ලංකාවේ වටි­නාම සන්නාම 10 අත­රට එක්වෙයි | සිළුමිණ

ලංකාවේ වටි­නාම සන්නාම 10 අත­රට එක්වෙයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සමාගම, Brand Finance Lanka විසින් වාර්ෂිකව නම්කරනු ලබන, ලංකාවේ වටිනාම සන්නාම දර්ශකයේ නවතම අදියරේදී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරට එක්වීමට පසුගියදා සමත් විය.

Brand Finance Lanka යනු සන්නාම තක්සේරුකරණ සහ ක්‍රමෝපාය සමාගමක් වන අතර, වසර 18 ක කාලයක් පුරා මෙරට සන්නාම විශ්ලේෂණයට ලක්කර ලංකාවේ වටිනාම සන්නාම10 දර්ශකය ප්‍රකාශයට පත්කිරීමට එම ආයතනය කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්,ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මෙසේ පැවසී ය. Òමේ ආකාරයට රටේ වටිනාම සන්නාම 10 අතරට එක්වීමට හැකි වීම අපට විශාල සතුටක්. මෑතකදී අප සිදුකළ SLT-MOBITEL සන්නාම ඒකාබද්ධකරණයත් සමග, මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ අවිවාදිත ප්‍රමුඛයා මෙන්ම ඩිජිටල් තාක්ෂණයේ පුරෝගාමියෙකු ලෙස අප ලබාදෙන නොසැලෙන සේවාවන් පිළිබඳව පණිවිඩය වඩාත් පැහැදිලිව අපගේ පාරිභෝගිකයන් වෙත සන්නිවේදනය වී තිබෙන බව පැහැදිලියි. තාක්ෂණය ඔස්සේ ඉදිරියට යන ආර්ථිකයක් සහ තාක්ෂණය මූලික කරගත් සමාජයක් ගොඩනැංවීමට රජය දරන උත්සාහයට සමගාමීව මේ සන්නාම ඒකාබද්ධකරණය සිදුකළ අතර, සන්නාම දෙකෙහි ශක්තීන් එක්තැන් කරමින්, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට නිර්මාණශීලී හා සමකළ නොහැකි පාරිභෝගික සේවාවන් එකතුවක් සමඟින් ජාත්‍යන්තර තලයේ ඩිජිටල් අත්දැකීම් පෙළක් ලබාදීමට දැන් අපට හැකියාව ලැබී තිබෙන බවයි.

 

Comments