සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ රන් තිළිණ වැඩ­ස­ට­හන ඉදි­රි­ය­ටම | සිළුමිණ

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ රන් තිළිණ වැඩ­ස­ට­හන ඉදි­රි­ය­ටම

තව තවත් රන් තිළිණ ප්‍රදානය කරමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මාස දෙකකට වරක් පවත්වන ‘ෆැමිලි සවාරි’ දිනුම් ඇදීමේ හතර වැන්න යටතේ රුපියල් මිලියන 5ක් වටිනා රන් ප්‍රදානය කිරීම වෙනුවෙන් නවතම ජයග්‍රා හකයන් කණ්ඩායම තෝරා ගෙන ඇත.

මෙම දිනුම් ඇදීමේදී මීගමුව ප්‍රදේශයේ ජීවිත රක්ෂණ ඔප්පු හිමි වාසනාවන්ත ජයග්‍රාහකයකු රුපියල් මිලියනයක් වටිනා රන් ජැක්පොට් තිළිණය හිමි කරගත් අතර ත්‍රීකුණාමලය, ඇල්පිටිය ප්‍රදේශවල ජීවිත රක්ෂණ ඔප්පු හිමි වාසනාවන්තයින් දෙදෙනෙකු රුපියල් 250,000 බැගින් වටිනා රන් තිළිණ ද, කඩවත, මොනරාගල, අම්බලන්ගොඩ සහ කුරුණෑගල ප්‍රදේශවල ජීවිත රක්ෂණ ඔප්පු හිමි කීපදෙනෙක් රුපියල් 100,000 බැගින් වටිනා රන් තිළිණ හිමි කරගැනීමට සමත් වූහ.

මීට අමතරව, රුපියල් 50,000 බැගින් සහ රුපියල් 25,000 බැගින් වටිනාකම් වලින් යුත් රන් තිළිණ හිමි කරගත් ඔප්පු හිමියන් අතර නෙල්ලිඅඩි, තිස්සමහාරාම, බණ්ඩාරවෙල සහ කිරිඳිවැල ප්‍රදේශවල වාසනාවන්ත ජීවිත රක්ෂණ ඔප්පු හිමියෝ කීප දෙනෙක්ද වූහ.

Comments