COVID-19 හමුවේත් 'කලා පොළ' කලා­ක­රු­වන්ට ශක්ති­යක් වෙයි | Page 2 | සිළුමිණ

COVID-19 හමුවේත් 'කලා පොළ' කලා­ක­රු­වන්ට ශක්ති­යක් වෙයි

රටේ සංස්කෘතියට, උරුමයට සහ විවිධත්වයට වටිනාකමක් එක් කරන දක්ෂ කලාකරුවන් බහුලව සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියක් උසුලයි.එම කලාකරුවන් අතරින් විශාල පිරිසකගේ දායකත්වයෙන් යුතුව පවත්වනු ලබන,දෘශ්‍ය කලාවන් සම්බන්ධ වාර්ෂික වැඩසටහනක් වන'කලා පොළ' වැඩසටහන මේ වනවිට කලාකරුවන් මෙන්ම කලා ලෝලීන් අතරද විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව 1993 වසරේදී ආරම්භ වූ මෙම වැඩසටහනට, වසර 27 ක කාලයක් පුරා අඛණ්ඩව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රාහකත්වය ලැබී ඇත. ආරම්භයේ පටන් මේ දක්වාම 'කලා පොළ' වැඩසටහන ශ්‍රී ලාංකික කලාවන්ට හා කලාකරුවන්ට ජාත්‍යන්තර තලයට පිවිසීම සඳහා දොරටු විවර කරදෙමින් සිටී.

 

Comments