Huawei සහ Viber සම්බ­න්ධ­තා­වය AppGallery පහ­සු­කම ලබා­දෙයි | සිළුමිණ

Huawei සහ Viber සම්බ­න්ධ­තා­වය AppGallery පහ­සු­කම ලබා­දෙයි

ප්‍රමු­ඛ­තම ගෝලීය තාක්ෂණ සමා­ගම් අත­රින් එක­ක්වන Huawei සිය දිගු­කා­ලීන සන්නාම සහ­යෝ­ගී­තාව ලෝකයේ ප්‍රමු­ඛ­තම සමා­ග­මක් වන Viber සමඟ පුළු­ල්ක­රන බව දැනුම් දෙයි.
 AppGallery තාක්ෂ­ණය ඔස්සේ සාර්ථක පාරි­භෝ­ගික ප්‍රති­චාර ලබන, නොමිලේ සන්නි­වේ­දන පහ­සු­කම් සල­සන Viber ලෝකයේ පළමු හා ප්‍රධා­න­තම සන්නා­ම­යක් මෙන්ම AppGallery හා සම්බන්ධ වූ වඩා­ ජ­න­ප්‍රිය සන්නා­ම­යක්ද වෙයි. Viber භාවිත කරන ලෝකයේ රට­වල් 190ක මිලි­යන 100ක් පරි­ශී­ල­කයෝ සිටිති.
Viber ශ්‍රව්‍යය හා දෘෂ්‍ය දුර­ක­ථන අවස්ථා (Audio, Video Calls), පණි­වු­ඩ­ක්‍රම (SMS), සමූහ සංවාද (Group Chats) ක්‍රියා­ත්ම­ක­ක­රන අතර AppGallery ඔස්සේ විවිධ කලා­ප­වල මිලි­යන 62ක App බෙදා­හැ­රී­මත් සම­ඟින් මේව­න­විට ශක්ති­මත් ගෝලීය තත්ත්ව­යක් අත්ප­ත්කර ගෙන තිබේ. මේව­න­විට වර්ධ­න­ය­වන සිය­ ප­රි­ශී­ලක පද­න­මට වඩාත් ගැඹුරු මැදි­හ­ත්වී­මක් සිදු­කි­රීමේ අපේ­ක්ෂා­වෙන් මෙම සමා­ගම් දෙක වර්ත­මා­නයේ එක්ව කට­යුතු කරයි. 
 

Comments