Sysco LABS Sri Lanka අභි­යෝ­ගා­ත්මක වස­රක් සම­රයි | සිළුමිණ

Sysco LABS Sri Lanka අභි­යෝ­ගා­ත්මක වස­රක් සම­රයි

Sysco LABS සම්මාන උළෙල 2014 වසරේදී හඳුන්වාදෙනු ලැබුවේ වඩාත්ම කැපී පෙනෙන ඉංජිනේරු දක්ෂතා හඳුනා ගැනීම සඳහාය. මෙම සම්මාන උළෙල මූලික වශයෙන් සංවිධානය කරනු ලැබුවේ මේ විෂය සම්බන්ධයෙන් දස්කම් දැක්වූවන් ඇගයීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතා හා Sysco LABS හි විෂය මූලික ගුණාංග මුල්කරගනිමින් Sysco LABS විසින් ඊට ප්‍රතිලාභ ලබා දීමටය.

මෙම අවස්ථාවට Sysco LABS Sri Lanka සම-නිර්මාතෘ, කළමනාකාර අධ්‍යක්ෂ සහ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශනිල් ප්‍රනාන්දු මහතා එක්වූ අතර අභියෝගාත්මක වසරක් තුළ තම කණ්ඩායම දිරිගැන්වීම පිළිබඳවත්, Sysco සංස්ථාවට උපකාර කිරීම පිළිබඳවත්, කණ්ඩායමට සුබ පැතුම් එක් කළේය.

වසංගත තත්ත්වය මධ්‍යය,යේ ලොව පුරා සිටින ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට සහාය දක්වන බවත්, සිය කතාවේදී සාමාන්‍යාධිකාරී සහ උප සභාපති, රසික කරුණාතිලක මහතා පැවසීය.

ඔහු විසින් සිය සමාගමේ වාර්ෂික සමාලෝචනය ඉදිරිපත් කළ අතර එහිදී විශිෂ්ට ප්‍රතිලාභ ලබා ගැනීමට දායක වූ කණ්ඩායම් අගය කළේය.

Sysco LABS හි කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන්, කැපී පෙනෙන ඉංජිනේරු විශිෂ්ටතා සහ ඉංජිනේරු කණ්ඩායම් පිළිගැනීම සඳහා හඳුන්වා දුන් Hall of Fame සම්මානය නායකත්ව කණ්ඩායම විසින් විශේෂ පිළිගැනීමේ සම්මානය, Sysco Shop කණ්ඩායමට පිරිනමන ලදී. දෙවන අනුශූරතාවය Sysco Delivery කණ්ඩායම සහ පළමු අනුශූරතා සම්මානය Pay Plus කණ්ඩායමට හිමිවිය. 2020 වර්ෂය සඳහා Hall ofFame සම්මානයෙන් පිදුම් ලැබුවේ Cloud Pricing කණ්ඩායමයි.

Comments