අපල සපල | සිළුමිණ

අපල සපල

 මේෂ - අදහස් සඵල වේ

 

මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබවෙයි. විශේෂයෙන් චන්ද්‍රයා 01, 02, 03 යන ස්ථාන පසුකොට ගමන් කිරීම නිසා සිතට යම් සහනයක් අත මිට සරුවීමක් මෙන් ම ඔබට හිමි වන්නට තිබූ දේපළ උරුමයක් ද පෙන්වයි. තම එදිනෙදා කටයුතු නිරවුල් වීම හා අන් අයගේ ඇප උපකාර නිසා බොහෝ අදහස් සඵල කර ගැනීමට ද පුළුවන් වෙයි.

 

 

 වෘෂභ - බලාපොරොත්තු ඉටුවේ

 

වෘෂභ ලග්නයට අනුව මෙම සතිය ඔබට ආරම්භ දින දෙක තුන අමිහිරි අත්දැකීමකට මුහුණදීමට සිදුවුව ද සතිය මැද භාගයේ සිට සුබ වෙයි. විශේෂයෙන් චන්ද්‍රයා 12, 01, 02 යන ස්ථානවල ගමන් කිරීම නිසා මෙම තත්ත්වය උදාවන අතර තම ජීවිතයේ යම් බලාපොරොත්තුවක් ඉටුවන බව පෙනේ. ඒ අනුව ප්‍රමාද වූ විවාහ කටයුත්තක් ස්ථිර කර ගැනීමට හැකිවේ.

 

මිථුන - ආර්ථික ප්‍රතිලාභයන්

 

මිථුන ලග්නයට අනුව චන්ද්‍රයා 11, 12, 01 යන ස්ථානවල ගමන සුබවෙයි‍. ඒ අනුව හදිසි ආර්ථික ප්‍රතිලාභයක් උදාවනු ඇත. තමා කෙනෙකුට දී තිබූ මුදලක් නැවත ලැබීම හෝ තමා නතර කර තිබූ ව්‍යාපාරයක් යළි ආරම්භ කිරීමට අවස්ථාව උදාවේ. තමා වෙතින් දුරස්ව සිටි අයකු නැවත ඔබ සමඟ සහසම්බන්ධ ‍වනු ඇත. ඒ නිසා ම තම එදිනෙදා කටයුතු සාර්ථක වීමට හේතු වෙයි.

 

කටක - රැකියා උසස්වීම්

 

 

කටක ලග්නයට අනුව මෙම සතිය ඔබට තම රැකියා ස්ථානගත අභිවෘද්ධිය සහිතයි. ආර්ථික ප්‍රතිලාභ ද සහිතයි. තමාට තම වෘත්තිය මට්ටමේ ලැබෙන්නට තිබූ උසස් වීමක් හෝ වේතනයේ ප්‍රවර්ධනයක් පෙන්වයි‍. තම දින චර්යාව කාර්යය බහුල වනු ඇත. අරපිරිමැස්ම ප්‍රගුණ කරන්න නැතහොත් ධන හානි නැතුවාම නොවේ.

 

 

සිංහ - පිරිස් බලය හිමිවේ

 

සිංහ ලග්නයට අනුව ඔබට ඉතා වාසනාවන්ත සතියක ආරම්භයකි. චන්ද්‍රයා 09,10,11 යන ස්ථානවල ගමන් කරන මෙම සතිය තුළ පෙර පිං මහිමය මතු කරමින් ආර්ථික ලාභ රැකියා ලාභ මෙන් ම බොහෝ අයගේ ඇගයීමට ලක්වන තත්ත්වයකි. තම එදිනෙදා කටයුතු සඵල වන අතර බොහෝ පිරිස් බලය ද හිමිවනු ඇත.

 

 

 කන්‍යා - හදිසි අනතුරු

 

හදිසි අනතුරු කන්‍යා ලග්නයට අනුව චන්ද්‍රයා මෙම සතියේ ගමන් කරනුයේ 08,09,10 යන ස්ථානවලයි. ඒ අනුව සතිය ආරම්භක දින දෙක තුන ඉතා ප්‍රවේශම් විය යුතු ය‍. හදිසි අනතුරු තත්ත්වයක් පෙනෙන්නට තිබේ. බොහෝ අයගේ දෝෂ දර්ශනයට ලක්වේ. එහෙත් සතිය මැද භාගයේ සිට එය කෙමෙන් දුරු වන අතර පසුව ආර්ථික දියුණුව මෙන් ම සිතේ. සතුට ද උදාවනු ඇත.

 

 තුලා - යුග දිවි සඵලවේ

 

 

තුලා ලග්නයට අනුව මෙම සතිය ඔබට තම යුග ජීවිතයේ සතුටුම අවදියයි. සිතේ නිදහස රජයනු ඇත. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව මෙම සතියේ 07,08,09 යන ස්ථානවල ගමන් කිරීම මෙම සුබතාවට හේතුවන අතර සතිය අවසානයේ තම ජීවිතයේ අමතක නොවන සිදුවීමකට තුඩුදෙනු ඇත. බොහෝ විට තම සහකරුට හෝ සහකාරියට හදිසි මුදල් ප්‍රතිලාභයක් නිසා එසේ විය හැක.

 

 

 

 වෘශ්චික - පිටස්තරයකුගෙන් කරදර

 

 

 වෘශ්චික ලග්නයට අනුව චන්ද්‍රයා 06,07,08 යන ස්ථානවල ගමන සුබ නැත. සතිය ආරම්භය හා අවසානය අසුබ වුව ද සතිය මැද දින 2 ක් පමණ සුබවෙයි. කෙසේ නමුදු පිටස්තර අයකු නිසා තම දිවියට ගැටලු මතු කෙරේ. ඒ අනුව මුදල් අඩුපාඩු හා සමාජයේ ගැරහීමට ලක්වන ලකුණු පළවන නිසා කල්පනාකාරී වන්න.

 

 

 ධනු - වාසනාවන්ත දරු පල

 

ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබයි. දරු සම්පත් අපේක්ෂා කරන අයට එම බලාපොරොත්තු සඵල වේ. තම දූ දරුවන් වෙනුවෙන් ප්‍රතිඵලදායක කටයුත්තක නියැළෙනු ඇත. ඒ වෙනුවෙන් දුර බැහැර ගමන් යෙදෙන අතර ආර්ථික වශයෙන් ද වියදම් අධිකවේ. එහෙත් තම බලාපොරොත්තු ඇති ඉඩම් ලාභයකට ද හේතු වෙයි.

 

 මකර- වාහන නිවාස ලාභ

 

මකර ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබයි. චන්ද්‍රයා 04,05,06 යන ස්ථානවල ගමනට අනුව වාහන ඉඩම් නිවාස ලාභ ගෙන දෙනු ඇත. තමා කලක් සැලසුම් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදාවේ. එදිනෙදා තම ජීවිතයේ සතුටුදායක අවස්ථා කීපයකට මුහුණ දීමට ද ඔබට හැකිවේ.

 

 කුම්භ - දේපළ හිමිකම්

 

කුම්භ ලග්නයට අනුව මෙම සතිය ඉතාම සුබයි. දේපළ උරුමයක් සමඟ සතිය ඇරඹෙයි. කලක් පැවතුණු ඉඩම් නඩුවක ප්‍රතිඵල තමාට වාසි සහගත වෙයි. ආර්ථික අධ්‍යාත්මික සහජීවනය උදා වේ. ඊට තම ඥාති හිතවතුන්ගේ ඇප උපකාර හිමිවනු ඇත. එදිනෙදා කටයුතු පහසු වනු ඇත. චන්ද්‍රයා මෙම සතියේ ගමන් කරනුයේ 03,04,05 යන ස්ථානවල නිසා තත්ත්වය හොඳින් සඵල වේ.

 

 

 මීන - සතුට අභිවෘද්ධිය

 

මීන ලග්නයට අනුව චන්ද්‍රයා 02,03,04 යන ස්ථානවල ගමන් කරන මෙම සතිය තම ජීවිතයේ සතුට අභිවෘද්ධිය උදා කරන්නකි. තමාට බොහෝ අයගෙන් ප්‍රශංසා උදාවේ‍. අධ්‍යාත්මික ශක්තිය ආර්ථික ශක්තිය උසස් වේ. තමාගේ ව්‍යාපාර සඵල වේ. එයට අනුව සිතේ අධිෂ්ඨානය ඉහළ යන සතියකි. තමා විසින් ම ස්වඋත්සාහයෙන් නව ආර්ථික රටාවකට හුරු වනු ඇත.

Comments