සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට | සිළුමිණ

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (06) අලුයම කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපලෙන් දිවයිනට රැගෙනවිත් තිබේ.
 
ඒ අනූව, ශ්‍රී ලංකාවට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගය මෙයයි.
 
මීට පෙර අවස්ථා දෙකකදී චීන රජය පරිත්‍යාගයක් ලෙස සයිනෝෆාම් එන්නත් මාත්‍රාව මිලියන 1.1 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට පියවර ගැණුනි.
 
ඔෟෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියේ සුදුසුකම් ලත් පුද්ගලයින්ට සයිනෝෆාම් එන්නත්කරණයේ දෙවන මාත්‍රාව ලෙස, දිස්ත්‍රික්ක 12 ක අධි අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට එන්නත් ලබා දීමට මෙම තොගය භාවිතා කරන බවයි.

Comments