රාජ්‍ය සේවා තව දුරටත් සීමාවන්ට යටත්වයි | සිළුමිණ

රාජ්‍ය සේවා තව දුරටත් සීමාවන්ට යටත්වයි

සංචරණ සීමා ජූනි 21 වැනිදා ඉවත් කළද රාජ්‍ය සේවය අවම කාර්ය මණ්ඩලයක් යටතේ සේවයට කැඳවීම තව දුරටත් සිදු කරනු ලබන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි සිළුමිණට කීය. අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වා ගෙන යාමේ ක්‍රමවේදය ඒ අනුව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බවද ඔහු පෙන්වා දුන්නේය.

සති දෙකකට අධික කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මක වුවත් කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම දිගින් දිගටම සිදුවන හෙයින් ඉදිරි සතියක් හෝ දෙකක කාලයක් තවදුරටත් නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කිරීමට සිදු වන බවද ඔහු පෙන්වා දුන්නේය. එහෙයින් සීමිත සේවක පිරිසක් සේවයට කැඳවීම ඉදිරියටත් සිදු කරනු ලබන බවත් කී ලේකම්වරයා අනිවාර්යෙන්ම සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබෙන තුරු සියලු සේවකයන් සේවයට කැඳවීමක් සිදු නොකරන ලබන බවද කීය. එසේම ගැබිණි මවුවරුන් තව දුරටත් නිවෙසේ සිටම රාජකාරි කටයුතු සඳහා සහභාගි කරගනු ඇත.

Comments