සංචරණ සීමා මැද විශ්‍රාම වැටුප් ගැනීමට සියලු පහසුකම්! | සිළුමිණ

සංචරණ සීමා මැද විශ්‍රාම වැටුප් ගැනීමට සියලු පහසුකම්!

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු ජූනි 10 සහ 11 විවෘත කර තබන ලදී. එපමණක් නොව ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල 635ක්ද උප තැපැල් කාර්යාල 3,610ක්ද එම සේවය සඳහා එක් විය. විශ්‍රාමිකයන් 27,972කට එම තැපැල් කාර්යාල මඟින් සේවය සැලැසූ බව තැපැල්පති රංජිත් ආරියරත්න සිළුමිණට ඊයේ පැවසීය. මෙම තැපැල් කාර්යාල මඟින් පමණක් රුපියල් කෝටි 60ක විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු යොදා තිබුණි. විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා පැමිණෙන විශ්‍රාමිකයන්ට ආරක්ෂක අංශ මඟින් නොමිලේ ප්‍රවාහන පහසුකම් රට පුරා සපයා තිබුණි. මේ විශ්‍රාමික කත ඡායාරූප ශිල්පී විමල් කරුණාතිලකට දිස්වූයේ බොරැල්ල තැපැල් කාර්යාලයේදීය.

Comments