වසරේ විශි­ෂ්ට­තම සන්නා­ම සම්මා­න­ය ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් සමාගමට | සිළුමිණ

වසරේ විශි­ෂ්ට­තම සන්නා­ම සම්මා­න­ය ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් සමාගමට

අඛණ්ඩව සිවුවන වරටත් ශ්‍රී ලංකාවේ ඉහළම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය සහ ශ්‍රී ලංකාවේ වඩාත් අගනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් සම්මාන ලබයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙවරත් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම හා ශක්තිමත් ම සන්නාම වර්ගීකරණයයට තේජය කෙහෙළි නැංවීමට සමත්ව තිබේ. මෙහිදී අඛණ්ඩව සිවුවැනි වරටත් ශ්‍රී ලංකාවේ මුල්‍ය ක්ෂේත්‍රයේ ඉහළම ජනාදරයට පත් සන්නාමය, ශ්‍රී ලංකාවේ ඉහළම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය සහ ශ්‍රී ලංකාවේ වඩාත් අගනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වෙමින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අත්කරගෙන ඇති විශිෂ්ටත්වය පෙන්නුම් කර තිබේ.

රැකවරණයේ පණිවිඩය ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් 1962 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ සැමට රැකවරණය සැලසීම සියමුලික ව්‍යාපාර අභිමතාර්ථය බවට පත් කරගෙන තිබේ. දේශයේ රක්ෂකයා විසින් ක්‍රියාවට නංවා ඇති ජනතාවට සමීප වැඩසටහන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වසරේ ඉහළම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය බවට පත්වීමට හේතු වී තිබේ.

2020 වසර තුළදී කොවිඩ් වසංගතය මර්දනය කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රමුඛදායකත්වය දක්වා ඇති අතර කොවිඩ් 19 සමාජ හා ආරක්ෂණ අරමුදල සඳහා රු.මිලියන 5ක පරිත්‍යාග කිරීම, වසංගත පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා විශේෂ කාර්ය සාධක බළකාය සඳහා මි.ලි.200 විෂබීජ නාශක දියර බෝතල් 10,000ක් පරිත්‍යාග කිරීම,කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කරමින් පෙරමුණේ සිටින රාජ්‍යඅංශයේ සේවකයන් සඳහා රු.ලක්ෂ 15ක විරුඅභිමන් රක්ෂණාවරණය ලබාදීම, ආදිය සිදු කර ඇත.

Comments