HNB FINANCE ලංකාවේ වටි­නාම සන්නා­ම­යන් 50 අත­රට | සිළුමිණ

HNB FINANCE ලංකාවේ වටි­නාම සන්නා­ම­යන් 50 අත­රට

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සිය ශක්තිමත් වර්ධනය යළිත් අවධාරණය කරමින් ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෙරට මුල්පෙළේ විශිෂ්ටතම සන්නාමයන් අතරට එක් වෙමින් LMD සඟරාව සහ Brand Finance ආයතනය මගින් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන 18 වැනි LMD Brands Annual ප්‍රකාශයනයට ඇතුළත් වීමට සමත් විය.

Brand Finance ආයතනය ලොවපුරා පාරිභෝගික සන්නාම තක්සේරුකරණයෙහි සහ උපායමාර්ගික ප්‍රවේශයන් ලබාදෙන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වේ.

වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන මෙම ලැයිස්තුව සඳහා කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සන්නාම අතර වඩාත් වටිනා පාරිභෝගික සන්නාමයන් තෝරා ගැනීම සඳහා ස්වාධීන විගණනයක් සහ මෙම සන්නාමයන්ට අදාළ පාරිභෝගික හැසිරීම, මූල්‍ය කාර්ය සාධනය, සහ ලබාගත හැකි සෑම මූල්‍යම තොරතුරක්ම සම්බන්ධයෙන් සිදුකරන සමීක්ෂණයක් ඇසුරින් වඩාත් වටිනාම සන්නාම ලැයිස්තුගත කිරීම Brand Finance විසින් සිදුකරයි. මෙහිදී ප්‍රධාන නිර්ණායකයන් වන එක් එක් සන්නාමයට අදාළව ඔවුන්ගේ මූල්‍ය ශක්තිය, ව්‍යාපාරයන්ගේ තිරසාර බව සහ ආර්ථික ඉදිරි දැක්ම , ලබා ගෙන ඇති සම්මාන සහ ඇගයීම් යන සාධක මෙහිදී සලකා බැලේ.

Comments