පෝර්ට් සිටියේ ඇතුළාන්තය | සිළුමිණ

පෝර්ට් සිටියේ ඇතුළාන්තය

 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය. ඊට අමතරව පාසල් සිසුන්ට පෙළ පොත් ද නොමිලේ ලබා දෙනු ලැබේ. විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ සහ අනෙක් ශිෂ්‍යාධාරද හිමි වේ. මේ සියල්ලම නොමිලේ ලබා දෙන්නේ

රජයට ලැබෙන බදු ආදායමෙනි. එසේ සම්පූර්ණයෙන්ම නොමිලේ අධ්‍යාපනය ලබා දෙන වෙනත් රටවල් ඇත්නම් සොයා බලන්න.

 

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළ විය. මෙවර පළවන්නේ අවසාන කොටසය.)

 

පෝර්ටි සිටි යනු හුදෙක් තවත් එක් ආයෝජන නගරයක් පමණක් නොව රටක් සංවර්ධනයක් කරා යා හැකි මාර්ගයක් බව පෙන්වා දිය යුතුය.

මෙහිදී අපි FDI යන්න කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

FDI යනු විවෘත, කාර්යක්ෂම, ජාත්‍යන්තර ආර්ථික පද්ධතියක් ඇති කර ගැනීමේදී උපකාරීවන විශාල උත්ප්‍රේරකයකි. දැනටමත් දියුණු වූ පළමුවන ලෝකයේ රටවල් වලට FDI හරහා දියුණුවෙමින් සහ නැඟී එන රටවල් (developing and emerging countries) සඳහා ප්‍රාග්ධනය සහ තාක්ෂණය (Capital and Technology) සපයනු දැකිය හැක. තවද මානව ප්‍රාග්ධනයේ දී (human capital) දැනුම හුවමාරුව සහ සංක්‍රමණය මඟින් දෙපිරිස අතර ම ජයග්‍රාහී තත්ත්වයන් (win-win situation) ඇති කරවයි. මෙමගින් ආයෝජනය කරනු ලබන සහ එය ලැබෙන රට යන දෙකේම ආර්ථික වර්ධන වේගයන්ට තල්ලුවක් ලබාදෙයි.

ආයෝජනයන් ලබන රටකට නවතම යටිතල පහසුකම් හා තාක්ෂණ පහසුකම් ද, විදේශිකයන් හා ලෝකවෙළඳපොළ ට නිරාවරණය වූ රැකියා අවස්ථාවන් ලැබීමද (foreign exposure for human capital , කුසලතා ඔප් නැංවීම මඟින් ලෝක ශ්‍රම වෙළෙඳ පොළේ දී තරගකාරීත්වයක් ලබා ගැනීමට හැකි වීම ද විශේෂ වෙයි. ආයෝජකයාට ද ඔවුන්ගේ ව්‍යාපාරය පුළුල් කිරීමත් ජාත්‍යන්තර තලයේ පැවැත්මත් (expansion and footprints) තහවුරු වේ.

මෙහිදී ආයෝජකයා ගනු ලබන "අවදානම" වනුයේ නොදන්නා රටක නීති සඳහා අවනත සහ අනුගතවීමත්, දේශපාලන වෙනස්කම් වල දී ඇතිවන සාර්ව පාරිසරික අස්ථාවරත්වයන්ට මුහුණ දීමත්ය (abide by domestic law, political risks and macro environmental volatilities).

මෙවැනි FDI ආකර්ෂණය කර ගැනීම සඳහා දියුණු වෙමින් සහ නැඟී එන රටවල් විවිධ ස්වරූපයේ ප්‍රවර්ධන කටයුතු කරනු ලබයි. වෙළඳ ගිවිසුම් (Trade agreements), නිදහස් වරායවල් (Free Ports) නිදහස් වෙළඳ කලාප (Free Trade Zones), අපනයන සැකසුම් කලාප (Export Processing Zones) වැනි දෑ අතර නවතම ප්‍රවණතාවය වනුයේ විශේෂ ආර්ථික කලාප (Special Economic Zones) යි. ඒ අනුව කොළඹ පෝර්ට් සිටිය යනු එවැනි විශේෂ ආර්ථික කලාපයකි.

 

විදේශ ඍජු ආයෝජකයන්

ආකර්ෂණය කරගැනීම

 

මෙවැනි FDI ආකර්ෂණය කර ගැනීම සඳහා Trade Agreements, EPZs වැනි දෑ 19 වන සියවසේ මුල්භාගයේ දී ඇතිවූ ප්‍රවණතා ය. 1930 පමණ කාලයේ දී Singapore, Hong Kong, Gibraltar වැනි රටවල් විදෙස් ආයෝජන සඳහා ආර්ථික විවෘත කරමින් EPZs පිහිටවූහ. 1970 පමණ වන විට මෙය එකිනෙකාට විශේෂ වූ සාපේක්ෂ වාසි හරහා ආර්ථික දියුණුවේ මං පෙත් විවර කිරීමේ ලා ඉතාම ජනප්‍රිය සංකල්පයක් බවට පත්විය. වසර 2000 න් පසු රටවල් 130 කට අධික ප්‍රමාණයක EPZs 3500 කට වැඩිප්‍රමාණයක් ඇතිවී තිබුණි.

මෙවැනි විදේශ ආයෝජන මඟින් තනි පුද්ගලයකුගේ ව්‍යවසාය සහ ව්‍යාපාර පුළුල් කිරීමේ හැකියාව(expanding horizons), ව්‍යාපාර වලදී මුහුණපාන අවදානම් අඩු කරගෙන, කාර්යක්ෂමතාවය ඉහළ නංවා (increase efficiency and increase return per unit of risk) දිගු කාලීනව දෙපාර්ශ්වයටම වාසිලබාගත හැක. ප්‍රාග්ධනය (capital), තාක්ෂණය (technology) කළමනාකරණ, ගිණුම්කරණ, නිෂ්පාදනක්‍රියාවලි, නීති රෙගුලාසි වල යහපත් භාවිතයන් (best practices in manufacturing, production, management, accounting, law and regulations etc) හුවමාරු වී දිගුකාලීනව, දියුණුවෙමින් පවත්නා රටේ ජීවන තත්ත්වය උසස් කිරිමටත්, රටේ ගෙවුම් ශේෂ හිඟය කළමනාකරණය ගැනීමටත්, ආයෝජන හරහා කෙටි කාලීන ණය ලබා ගැනීම අඩු කිරීමටත්, අවසානයේදී ආර්ථික අස්ථාවරත්වය සමනය කරගැනීමටත් වීමත් හැකිවේ.

FDI ආකර්ෂණය කර ගැනීමේ දී අප හට දෙපාර්ශ්වයටම එකඟ විය හැකි තැනකට පැමිණීමේදී සමහරදේ කැප කිරීමට සිදුවනු ඇත. උදාහරණයක් ලෙස ලංකාවේ පවතින ප්‍රසිද්ධම අපනයන සැකසුම් කලාපය වන කටුනායක (KEPZ) පවත්නා කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ගෙන්වීමේදී ඒවා බදු වලින් නිදහස්ය.

එම කලාපය සඳහා ඉතාමත් ඉහල යටිතල සහ තාක්ෂණ පහසුකම් සපයනු ලබයි. එහි ආයෝජකයන් දිගුකාලීන බදු සහන භුක්ති විඳි. වඩාත් ලිහිල් වූ සහ නිදහස් කම්කරු නීතිරීති පවතී. වෘත්තීය සමිති ක්‍රියාත්මක වීමට නීතියෙන් ඉඩක් නැත (relaxed labour rules, trade unions and labour movements are not allowed).

එය පරිපාලනය වූයේ මහ කොළඹ ආර්ථික කොමිසම (Greater Colombo Economic Commission) මඟිනි. මෙය දැන් BOI නමින් හඳුන්වනු ලබයි. බදු සඳහා සහන, නිවාඩු වැනි වූ දෑ ක්‍රියාත්මක වනුයේ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහාය. ආයෝජකයන්ට වාසිදායක පරිසරයක් නොමැති නම් ඔවුන්කිසිසේත්ම එවන් රටක් තම ආයෝජනයන් සඳහා තෝරා ගන්නේ නැත.

මෙවැනි විවිධ වූ ආයෝජන කලාප පවතිනුයේ ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි දියුණු වෙමින්පවතින රටවල් වල පමණක් නොවේ. යුරෝපයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ වැනි දියුණු රටවල පවා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මෙවැනි ආයෝජන ගිවිසුම්, ආයෝජන කලාප වැනි දෑ ඇත. මේවායේ අරමුණ වනුයේ දේශීය, විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, ව්‍යාපාර පුළුල් කිරීම සහ සාධක වෙළෙඳ පොළේ දී ගෝලීය සංකල්පය හරහා අදාළ රටවලට ආර්ථික වාසි ලබාගැනීමය. එවැනි දෑ ට උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

FTA (Free Trade Agreements) - European Free Trade Association (Norway, Iceland, Switzerland and Liechtenstein), NAFTA - North Atlantic Free Trade Agreement (USA, Mexico and Canda), ChAFTA - The China Australia FTA.

FTZs (Formerly Free Ports) - Hong Kong, Stockholm, Los Angeles, New York City, China -6 FTZs, India - 8 FTZs.

EPZs - Export Processing Zones - KEPZ&BEPZ in Sri Lanka (as per ILO stats 320 EPZs in North America, 225 in Asia, 39 in Middle east, 51 in Caribbean)

Industrial Parks or Industrial Estates (IPs / IEs) - (Guidelines are issued by United Nations Industrial Development Organization (UNIDO)

Trafford Park Manchester - UK - World’s first IP.

Alberta Industrial Heartland - Canada, The Oriketo Industrial Zone - Turku - Finland, Mahindra World City, Chennai Aero Park, Hyderabad Pharma City.

BLPs (Bonded Logistic Parks) -

Zhangjiagang Bonded Logistics Park, Jiangsu province, China, Yantian Port Bonded Logistics Park, Guangdong province, Indospace - India

India to set up the first Multi Model Logistics Park in Assam by 2023.

Urban Enterprise Zones - Jersey City - New Jersey - USA, UK has more than 20 enterprise zones.

 

පෝර්ට්සිටිය වැනි විශේෂ ආර්ථික කලාප

(Special Economic Zones- SEZs)

 

විශේෂ ආර්ථික කලාප පිළිබඳ කථිකාවත 1950 අගභාගයේ දී කාර්මික රටවල් වල ඇති විය. එහි අරමුණ වූයේ බහුජාතික සමාගම්වලින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි. පළමුවන විශේෂ ආර්ථික කලාපය බිහිවන්නේ අයර්ලන්තයේ Shannon Airport in Clare හි දීය.

විශේෂ ආර්ථිකකලාපයක් යනු රටක සාමාන්‍ය නීතියට වඩා වෙනස් වූත්, ආයෝජන සඳහා වඩාත් හිතකර වූත් නීතිරෙගුලාසි වලට අනුව කටයුතු කරන්නාවූ එම රටේ ම "විශේෂිත වූ කොටසකි". ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසමින්, ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යන Colombo Port City විශේෂ ආර්ථික කලාපයට දුර්මත ඉදිරිපත් කරන්නාවූ ඉන්දියාවට විවිධ වූ කාර්මික අංශයන් 11කින් අනුමත වූ විශේෂ ආර්ථික කලාප හාරසිය තිස් නවයක් ඇත. එයින් දෙසිය හැට දෙකක් පමණ දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

ලංකාවේ බ්‍රැන්ඩික්ස් සමාගම, ඉංදියාවේ සිය කර්මාන්තශාලා ආරම්භ කර ඇත්තේ පෝට්සිටිය වැනිම විශේෂිත ආර්ථික කලාපයකය. මේ අනුව පෝට්සිටිය යනු අරුම පුදුම දෙයක්වත්, ලෝකයේ අටවෙනි පුදුමයවත් නොව ලෝකයේ විවිධ රටවල දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින්නා වූ ආර්ථික සංකල්පයකි. චීනය 1979 පටන් මෙවැනි ආර්ථික කලාප හයක් පමණ ඉතාමත් සාර්ථකව සිය රටේ පවත්වාගෙන එන අතර, ලොව විශේෂ ආර්ථික කලාපයන්හි අත්දැකීම් අතරින් දැනට ඉදිරියෙන්ම සිටින්නේද චීනයයි.

 

පෝර්ට්සිටියට එන අවලාද

පෝට්සිටිය අවසන් කලායැයි දැනගත් වහාම ඊට පළමු ප්‍රහාරය එල්ල කළේ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයයි. ලංකාවේ ක්‍රියාත්මක විප්ලවවාදී පක්ෂයක්ද ඇමරිකානු තානාපති කාර්යාලයේ විරෝධතාවයම නැවත

පුනරුච්චාරණය කරමින් ඒ චෝදනාම නගමින් පෝට්සිටිය මඟින් කළු සල්ලි සුදුවෙන බවට චෝදනාවක් ගෙනාවේය. ඒත් money laundering හෙවත් කළු සල්ලි සුදු කිරීමේ ප්‍රමුඛයෝ ඇමරිකාව සහ ඉන්දියාව වැනි රටවල්ය. ඇමරිකාව බහාමාස් හි සහ ලක්සැම්බර්ග් රාජ්‍යයේ පවත්වාගෙන යන කුප්‍රකට අක්වෙරළ බැංකු ඒවාට උදාහරණය.

එමෙන්ම අසල්වැසි ඉන්දියාවද බොලිවුඩ් සිනමාව සහ අයිපීඑල් ක්‍රිකට්තරගාවලිය හරහා කරනුයේද එවැන්නක් යයි නිතර චෝදනා ලබයි. එසේම මහ බැංකුවක් නැති පැනමාවේ පැනමා පේපර්ස් මඟින් කළු සල්ලි සුදු කිරීමට ගොස් ලංකාවේ ප්‍රබල දේශපාලකයෙකුගෙනමක්ද ඊට ඈදුන සිද්ධියක් ඔබට මතක ඇතැයි සිතමි.

ඇත්තෙන්ම ඇමරිකාව, ඉන්දියාව, සිංගප්පූරුව පමණක් නොව ඩුබායි රාජ්‍ය පවා පෝර්ට් සිටිය ගැන කලබල වී ඇත්තේ එය ආසියාවේ තවත් ආර්ථික මර්මස්ථානයන් වන බවට බොහෝ ඉඩ ඇති බව දන්නානිසාය.

මගේ දැනීමට අනුව පෝට්සිටියට ලොව පිළිගත් බැංකු 58 ක් පැමිණීමට නියමිතය. මෙම බැංකු සඳහා බලපත්‍ර නිකුතුව ශ්‍රී ලංකා බැංකු පනත යටතේ මුදල් ඇමති සහ ජනාධිපති විසින් "කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව" රෙකමදාරුව යටතේ සිදුකරයි. මෙය මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියටද යටත්ය. මෙහිදී http://fiusrilanka.gov.lk/acts_regulations.html

වෙබ් අඩවියට පිවිසීමෙන් මුදල් විශුද්ධිකරනය සහ ත්‍රස්තවාදී කටයුතු වලට මුදල්යෙදවීම ගැන අප රටේ ගෙන ඇති නීතිරීති විමසිය හැකිය. දකුණු ආසියාවේ බොහෝ රටවලට වඩා සාපේක්ෂව ශ්‍රී ලංකාව ඒ අතින් සිටින්නේ ඉතාම ඉදිරියෙනි.

පෝර්ට් සිටිය සඳහා විශේෂ පනතක් ඇත. බොහෝ පිරිසක් කලබල වී ඇත්තේ ඒ ගැනය. නමුත් පෝර්ට්සිටියට පෙර 1980 දශකයේ මුල් භාගයේදී ගෙනා විශේෂ පනතක් මඟින් කටුනායක, බියගම ඇතුළු විවිධ තැන්වල ආයෝජන කලාප ඇති කර ඇත. ඒවා ඒ කාලයේ පැවති ආණ්ඩු විසින්, කාලීනව ගත් නිවැරදි තීරණයන්ය. නමුත් එසේ ඇතිකල ආයෝජන කලාපවල ඇති කම්හල්වල සේවය කරන බහුතරයක්වූ ශ්‍රමය වගුරන ලාංකික යුවතියන්ට කොතරම් කාලයක් ඇඳුම් මැහුවත් ඒ ගැන විශේෂ දක්ෂකමක් ඔවුන්ට ලැබෙන්නේ නැත.

උදාහරණයකට තරුණියක් ඒ කම්හලක කමිසයක් මහන්නේ නම් මහන්නේ එක්කෝ එහිකොලරය, නැත්තම් කමිසයේ අතකි, නැත්තම් බොත්තම් කාසයකි. ඇය ඒ කම්හලින් ඉවත්වී ගම් වලටගිය පසුව අඩුම ගානේ ලේන්සුවක්වත් මසා ගැනීමට ඔවුන්ට හැකියාවක් හෝ ප්‍රාගුණ්‍යයයක් ලැබී නැත.

නමුත් පෝර්ට් සිටිය හරහා ඇතිවන රැකියා යනු වෘත්තියමය නිපුණත්වයක් ඇති වෘත්තියවේදියෙක් බිහිකරන වර්ගයේ රැකියා අවස්ථායි. ඒවා ඉංග්‍රීසියෙන් White collar jobs යනුවෙන් හඳුන්වයි. එවන් රැකියාවන් කරන සේවකයන්ට ආකර්ෂණීය වැටුප් සහ වෙනත් වරප්‍රසාද හිමිවේ. ඔවුන් රැකියාව කිරීමේදී ජීවත්වන්නේ පෝට්සිටියෙන් බැහැරවය. අවසාන වශයෙන් පොදු චෝදනාවකට මෙසේ පිළිතුරු ලබාදිය යුතුය.

"නිදහස ලැබී වසර 70 ක් ගොස් ඇතත් උඹලා අපට කළේ කුමක්දැයි" රටෙන් ඇසීම දැන් විලාසිතාවක් වීඇත.

කොළඹ පෝර්ටි සිටි නිම කිරීමෙන් පසු දර්ශන

වසර 70 කට පෙර ලංකාවේ මිනිසෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර හතළිස් ගණනකි. වසර හැත්තෑවකට පසු අද වන විට එය වසර අසූවකට වඩා වැඩිවී ඇත. එසේ වී ඇත්තේ වසර 70 ක් පුරාරටේ ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍යය සේවයේ පිහිටෙනි. උපතේ සිට මරණය දක්වාම එන්නත්, ශල්‍යකර්ම, බෙහෙත් වෙනත් බාහිර හා නේවාසික ප්‍රතිකාර ආදිය රටවැසියාට ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය. ඊට වැය වන අතිවිශාල පිරිවැය දරන්නේ රටේ බදු ආදායමෙනි.

තවද, රටේ පාසල් සහ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය. අධ්‍යාපනය නොමිලේ දීමට අමතරව පාසල් ළමයින්ට 1977 න් පසුව පත්වූ සෑම රජයක්ම නොමිලේ පෙළපොත් ලබා දුන්නේය. මීට අමතරව විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ සහ වෙනත් ශිෂ්‍යාධාරද ඊට අමතරව නොමිලේ නේවාසික පහසුකම්ද ලබා දෙන්නේය.

ලංකාවේ මේ සියල්ලම නොමිලේ ලබා දෙන්නේ රජයටලැබෙන බදු ආදයමෙනි. නේවාසික පහසුකම් පමණක් නොව ශිෂ්‍යාධාර මුදලක්ද සමඟ විශ්වවිද්‍යාලඅධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන වෙනත් රටවල් ඇත්නම් ඒවා කුමක්දැයි සොයා බලන්න.

ලෝකයේ අධික ජනගනත්වයක් ඇති රටක් වන ශ්‍රීලංකාවේ වැඩිවන ජනගහනය නිසා හාල්පොල් කුළුබඩු ආදී භෝග වර්ග වගා කළ ඉඩම් ප්‍රමාණය ශීඝ්‍ර ලෙස අඩුවී කෘෂිකර්මාන්තයෙන් රටටලැබෙන ආදායමද අඩුවිය. මැදපෙරදිග නුපුහුණු ශ්‍රමිකයන්, ඇඟලුම් කම්හල්වල ඇඟලුමක විශේෂ කොටසක් නිම කරන තරුණියන්ගේ ශ්‍රමයෙන් උපයන ආදායම රටේ ප්‍රදානම ආදායම් මාර්ග බවට පත්විය.

මීට අමතරව 1970 ජූලි මස බිහිවූ සමගි පෙරමුණු රජය එවකට ලෝකයේ තිබුණු ප්‍රධාන බල කඳවුරු දෙකෙන් එකක්වූ සමාජවාදී කඳවුර සමග එක්ව දේශීය කර්මාන්තාශාලා ඇති කිරීමට කටයුතු ක‍ෙළ්ය.

සමගි පෙරමුණු ආණ්ඩුවේ අඩුපාඩු දුර්වලතා සහ ඒ ගැන වන්නාවූ විවේචන බොහෝ ඇතත්, ඒ ආණ්ඩුවටහරි හෝ වැරදි යම් දැක්මක් තිබුණේය.

නමුත් ජූලි වල බිහිවූ ඒ සමගි පෙරමුණු ආණ්ඩුවට මාස අටක් වයස වනවිට එනම් ඊගාව වසරේ අප්‍රේල්වල දැවැන්ත කැරැල්ලකට මුහුණ දීමට සිදුවන්නේය. 71 කැරැල්ලෙන් හය දහසක මිනිසුන් පිරිසක් මියගොස් ඉදිරියට පියවරක් තැබූ රට පියවර සීයකටත් වඩා ආපස්සට රැගෙන යාමට දායක වූවෝ වසර 70 ක් ගතවීත් ලැබී ඇත්තේ කුමක් දැයි අද රටෙන් ඇසීම හාස්‍යජනකය.

එතනින් නොනැවතී 1988/89 වසර වල නැවතත් රට සිවිල් යුද්ධයකට ගෙනයාමට වසර 70 ගතවී ලැබුනේ කුමක්දැයි අසන්නෝ කටයුතු කළෝය.

88/89 කැරැල්ලේදී රටට අහිමි වූ මිනිස් ජීවිත ගනන පමණක් 60000 කට වඩා වැඩිය. ඊට අමතරව අතිවිශාල පොදු සහ පුද්ගලික දේපළ ප්‍රමාණයක්ද ඔවුන් විසින් රටට අහිමි කළෝය.

ලංගම බස්රථ ඇතුළුපොදු ප්‍රවාහන සේවා, තැපැල් කාර්යාල, ගොවිජන සේවා කාර්යාල, විදුලි ට්‍රාන්ස්ෆොමර් ඇතුළු අහිමි කළපොදු දේපළ ප්‍රමාණය අතිවිශාලය. තේ කර්මාන්තශාලා ඇතුළු විනාශ කළ පෞද්ගලික අංශයේ අනෙක් කර්මාන්තශාලා ප්‍රමාණයද අතිවිශාලය.

අහිමිවූ මිනිස් ජීවිත වල වටිනාකම අපට මෙතැකැයි කියා තක්සේරු කළ නොහැක. මේ ලියුම්කරුද ඇතුළු විශාල පිරිසකගේ පාසල් අධ්‍යාපනය වසර තුනකින් ආපස්සට ඇද දමා රටකට ඇතිකළ හැකි බලවත්ම හානිය කළේ දැන් වසර 70කින් මොනවද කළේ යැයි අසනා පිරිසය. ඒ කාලයේ ඇතිවූ ශ්‍රමරික්තකය පියවා ගැනීම රටට ලේසි පහසු වූයේ නැත. ඒවායේ ප්‍රතිඵල අදටත් රටක් ලෙස මුළු ලාංකිකයන්ම බුක්ති විඳිමින් සිටින්නෝය.

ඒ අවාසනාවන්ත අත්දැකීම් දෙකට අමතරව වසර 70 න් වසර තිස් ගානක් ප්‍රබල ත්‍රස්තවාදී සිවිල් යුද්දයකටත් රට මුහුණ දුන්නේය. ඒ ත්‍රස්තවාදී සංවිධානය ගොඩබිම්, මුහුදු සහ ගුවන් යන තුන් අංශයෙන්ම සන්නද්ධව සිටියේය. ඊට අමතරව එම ත්‍රස්තවාදී සංවිධානය කාලතුවක්කු වැනි බර අවිසතුවූ ලෝකයේ ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයත් විය.

මේ ත්‍රස්තවාදී යුද්ධය නිසා ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන තරමේ විශාල ආරක්ෂක හමුදාවක් නඩත්තුකිරීමට සිදුවිය. යුද්ධයේදී සෙබළ ජීවිත පමණක් 27,000 ක් රටට අහිමිවිය.

රටේ ජනතාවෝ ලක්ෂයකට වඩා සිවිල් යුද්ධයෙන් මිය ගියහ. යුද්ධයෙන් ආබාධිත වූ තරුණ සෙබළුන් සහ සිවිල් ජනතාවද දහස් ගණනකි. මහබැංකුව, තෙල් ගබඩා සංකීර්ණ, ගුවන් තොටුපොළ සංචාරක ස්ථාන වැනි ආර්ථික මර්මස්ථානයන් ඉලක්ක කර එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාර මඟින් වූ ආර්ථික හානිය සුළු පටු වූයේ නැත. එය රටට දැරිය නොහැකි විය.

Comments