ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් පත් කෙරේ | සිළුමිණ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට තවත් තිදෙනෙකු පසුගියදා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත පත් කෙරිණි.

ඒ අගමැති ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය හා සංදේශ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ අනුරාධපුර, පොලොන්නරුව දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන තිදෙනායි.

1999 වසරේ මාර්තු 05 වැනි දින තිදෙනාම පොලිස් සේවයට එක්ව ඇත්තෙ උපාධිධාරින් ලෙස සහකාර පොලිස් අධිකාරි තනතුරට පත්වීම් ලබමිනි. මේ අතර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් රන්මල් කොඩිතුවක්කු, මෙරට 26 වැනි පොලිස්පතිවරයා වූ ලකී කොඩිතුවක්කුගේ පුත්‍රයායි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ධූරයට පත් තිදෙනා සමඟ මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 12 දෙනෙක් සිටී.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණටද වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති තනතුරක් ලබා දී තිබේ.

Comments