කොළඹ වරාය නග­රය ව්‍යාපෘතියෙන් 'හයි-ෆ්ලෝ ඔක්සි­ජන් තෙරපි' යන්ත්‍ර පරි­ත්‍යාග කරයි | සිළුමිණ

කොළඹ වරාය නග­රය ව්‍යාපෘතියෙන් 'හයි-ෆ්ලෝ ඔක්සි­ජන් තෙරපි' යන්ත්‍ර පරි­ත්‍යාග කරයි

 ලංකාව තුළ COVID-19 තුන් වන රැල්ලක් පැතිරයාම හේතුවෙන් ආසාදිතයන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වයක් හමුවේ,එය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දායකවීමක් ලෙස 'හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි' යන්ත්‍ර (High flow oxygen therapy machines) තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය (Port City Colombo) කටයුතු කළේ ය.

මෙම යන්ත්‍ර පසුගිය අඟහරුවාදා සී.එච්.ඊ.සී පෝර්ට් සිටි කොළඹ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Jiang Houliang විසින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි වෙත භාරදෙන ලදි. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවාවට මෙවැනි උපකරණ සඳහා ඇති ඉහළ අවශ්‍යතාව සඳහන් කරමින් මෙම පරිත්‍යාගය ඉතා අගය කරන බව සෞඛ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කළාය. රට තුළ COVID-19 ව්‍යාප්තිය ආරම්භ වීමේ සිටම එය පාලනය කිරීම සඳහා කොළඹ වරාය නගරය සෞඛ්‍ය බලධාරීන් වෙත අඛණ්ඩව සහයෝගය ලබා දුන්අතර, පසුගිය මාස කිහිපය තුළද මෙවැනි අවශ්‍යතාවයන් සඳහා විවිධ පරිත්‍යාගයන් කිහිපයක්ම සිදුකර තිබේ.

Comments