3.1K
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකානු චාරිකාවක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
ජනාධිපතිවරයා කියුබාවේ හවානා නුවර ලබන 15 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන ජී. 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතය.
ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 19 සිට 21 වැනිදා දක්වා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.