Home » ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දුවා දරුවන් අද සිට කළ යුතු ආගමික වත්පිළිවෙත් මෙන්න!

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දුවා දරුවන් අද සිට කළ යුතු ආගමික වත්පිළිවෙත් මෙන්න!

by mahesh
September 16, 2023 1:30 am 0 comment

ළඟ එන ශිෂ්‍යත්ව විභාග කටයුතු සඳහා සූදානම් වන දුවා දරුවන්ට තම චිත්ත ශක්තිය වර්ධනය කර විශ්ව ශක්තිය ලබා ගැනීම සඳහා වු සුවිශේෂ ක්‍රමවේද කීපයක් ඉසිවර මගින් ලබාදෙමි.

අනාදිමත් කාලයක සිට අපේ හෙළ සිරිතට අනුව විභාග කටයුතු ළඟ එන විට මවුපිය වැඩි හිටි හැමදෙනාම බලාපොරොත්තු වන්නේ බෝධි පූජා පැවැත්වීම, දෙවියන් උදෙසා බාර හාර වීම ආදි කටයුතුයි. ඕනෑම ආගමික ජන කොටසකටම තම තමන්ගේ ආගමික විශ්වාසය අනුව සුවිශේෂී අවස්ථාවලදී ඒ ඒ පිළිවෙත් කිරීමට පුරුදුව සිටින බව පෙනී යන කරුණකි. මෙහි දී විමසා බැලිය යුතු ප්‍රධාන කරුණක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. මා ඉන් අදහස් කරන්නේ අප කරනු ලබන ඕනෑම ක්‍රියාවක් වත් පිළිවෙතක් අවබෝධයෙන් මෙන්ම විශ්වාසයෙන් සිදු කිරීමෙන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට හැකි වන බවයි. මා එසේ කියන්නේ 30 වසරක ප්‍රබල අත්දැකීම් මුල් කරගෙනය. දෙවිවරුන්ට තම ආනුභාවයෙන් දරුවන් විභාගයෙන් සමත් කිරීමට හැකිද යන්න මුලින් විමසමු. ඔබගේ මතය කුමක් වුවත් මගේ අත්දැකීම නම් එය එසේ කළ නොහැකි යන්නයි. එවිට ඔබට ප්‍රශ්නයක් වේවි. එසේ නම් වත් පිළිවෙත් කිරීම සඳහා උපදෙස් ලබා දීමෙන් ඇති පලය කුමක්දැයි කියා අපි ඒ ගැන විද්‍යාත්මකව විමසා බලමු. මවකට පියකුට හැක්කේ දරුවකුට ආශිර්වාද කිරීම, මඟ පෙන්වීම, විය හියදම් දැරීම, දරුවා උනන්දු කරවීම, තමන් දන්නා කියන පාඩම් කියාදී දිරි ගැන්වීම ආදි කරුණු පමණකි. ඔවුන්ට කොපමණ අවශ්‍යතාව තිබුණත් දරුවාගේ විභාගයට උත්තර සපයා දීමට හැකිද? නමුත් දරුවා මවුපියන්ගේ උනන්දුව කැපවීම සහ ආශිර්වාදය නිසා චිත්ත ශක්තියක් උත්පාදනය වන නිසා දරුවාගේ මැද සිත සම තත්ත්වයට පත්වේ. එයින් දරුවාට යම්කිසි උත්තේජනයක් ලැබෙයි. එය ඒ ආකාරයෙන්ම දෙවියන් උදෙසා බාර වීම සහ පිළිවෙත් කිරීමේදී එසේ සිදු කරන වාරයක් පාසා මැදසිතේ උත්තේජනයක් මෙන්ම පෘථිවි පෘෂ්ඨයේ පවතින සමුද්‍ර, විල්, පොකුණු, ගහ කොළ, ස්වාභාවික වස්තුගෙන් පමණක් නොව ග්‍රහ තාරකා ආදී විශ්වයේ පවතින වස්තූන්ගේ ආකර්ෂණය ලැබෙන බව මාගේ ඇත්දැකීමයි. මා මෙහි සඳහන් කරන්නේ මාගේ මතය වුවත් මෙම මතය දීර්ඝ කාලීන අත්දැකීම් පදනම් වුවක් නිසා මෙහි නිවැරදි භාවය පිළිබඳව බොහෝ අත්දැකීම් මා සතුව ඇත. මෙම ක්‍රමවේද ඔබත් සිදු කිරීමෙන් ඔබගේ දරුවාට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා චිත්ත ශක්තියක් වර්ධනය කරගත හැකිය. බාහිර සිතුවිලි වලින් තොරව යම් ආකාරයේ ප්‍රබෝධයකින් අධ්‍යාපන කටයුතුවල නිතර වීමට දරුවාට හැකි වනු ඇත. විශේෂ අවශ්‍යතා නොවන දරුවෙක් නම් ඉදිරි දින කීපය (අදින් පටන්ගත්තත්) විභාගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වනු ඇත. මෙහි කරනු ලබන ක්‍රියා මාර්ග දරුවා දැන සිටිය යුතු අතර දරුවා වෙනුවෙන් මවට මේ කටයුතු සිදු කිරීමට හැකිය. මන්ද මවගේ පූර්ණ අපේක්ෂාව දරුවා ඉහළ ප්‍රතිඵල ලබා ගන්නවා දැකීම නිසාය.

අප ජීවත්වන පෘථිවිය ඇතුළු සියලු ග්‍රහ වස්තූන්ගේ පවතින ජීව සහ අජීවි වස්තූන්ගෙන් නිරතුරුවම යම් ශක්ති විශේෂයක් නිකුත් වන බව විද්‍යාත්මක මතයයි. එම ශක්තින්වලින් යහපත් සහ අයහපත් ප්‍රතිඵල ලැබෙන බව ද සත්‍යයකි. අපි උදාහරණ ලෙස ගතහොත් සමන්පිච්ච වැලක මලක් පිපෙන විට සුවඳයි එය ආග්‍රහණය වීම යහපත්ය. නමුත් පොළගෙකු වැනි සර්පයෙක් කට ඇරීමේදී දුර්ගන්ධයි. එය අයහපත් තත්ත්වයකි. අපි මේ සිදු කරනු ලබන ක්‍රියා මාර්ගවලින් බලාපොරොත්තු වන්නේ ඉහත සඳහන් කළ සමන්පිච්ච මල පිබිදීම විශ්වයේ එහා කොනක ග්‍රහවස්තුවකින් සිදු වූවත් යම් ශබ්ද තරංගමය ක්‍රමවේදයක් තුළින් මනසට ඇතුළුකර මනස තුළ ක්‍රියාවට නංවා ඉහළ, එසේම යහපත් මානසික මට්ටමක් රඳවා ගැනීමයි. අප දැන් පියවරින් පියවර එම විෂ්මිත ක්‍රමවේද මොනවා දැයි විමසමු.

පාඩම් මතක සිටීමට අපූරු ක්‍රමයක්

මෙම අපූරු ක්‍රමවේදය සිදු කළ යුත්තේ අලුයම් කාලයේදී බව මතක තබා ගත යුතුය. කලින් දින පෙරාගත් වතුර විනිවිද පෙනෙන වීදුරුවක් පිරෙන්නට ගෙන අඹ කොළයකින් හෝ දෙහි කොළයකින් හෝ එසේ නැතිනම් අඟල් 6ක පමණ තැඹිලි කොළයක් ගෙන ජලය කලතමින් පහත මන්ත්‍රය 108 වර කියා හිස් බඩට පානය කර පොත අතට ගෙන තුන්සිත පහදා පාඩම් කළ යුතුය. සියලු පාඩම් එකවරම මතක සිටිනු ඇත. ගණිත, සුත්‍ර, ගාථා, වැනි කටපාඩම් කළ යුතු සියලු දේ තෙවරක් කීමේදී මොනයම් මානසික මට්ටමක සිටින දරුවකුට වුවද එකවර පාඩම් සිටිනු ඇත. තැති ගැන්ම, බය ගතිය, ඈලි මෑළි මත් ගතිය, ශරීරයෙන් පහව යනු ඇත. ජලයට අමතරව පිරිසිදු රන් තැඹිලි බඳුනක් තබා එය ද පිරිත් වන්නට සලස්වා බුදුන් දෙවියන් උදෙසා තබන පහන් සඳහා එම තෙල් බිංදුවක් දමා දල්වා තම ප්‍රාර්ථනය කරන්න. කෝටියක් සක්වළ දෙවියෝ ඔබ දෙස බලා කෝටියක් දෝෂ භංග කරනු ඇත. ඉතා පිරිසිදු ශීලයෙහි පිහිටා කටයුතු කිරීම තුළින් මහානුභාව ප්‍රතිඵල නෙළාගත ගත හැකිය. දරුවාගෙන් සමාජයට යහපතක් මිස අයහපතක් සිදු නොවේ. වැඩිහිටියන්ට ගරු කරයි. පාපි මිත්‍රයන්ගෙන් ඈත් වෙයි. පාප ක්‍රියාවන්ට යොමු නොවේ. අඛණ්ඩව මෙම ක්‍රියාවෙහි නිරත වීමෙන් හිතා ගන්නට බැරි ප්‍රතිඵල ලැබෙනු ඇත.

ගාථාව

මෝහාන්ධකාර සම්මෝහ

ලෝකෙ මොහ විධංසනං දීපා ලෝකේන

පූජේමි සම්බුද්ධං ලෝක පූජිතං

සංසාර සින්දු තරණ ඛේමං

නිබ්බාන ගාමිනිං දිපාලෝකේන පූජේමි

සධම්මං ජින දේසිතං සධම්ම රාජතනුජං

සෙට්ටං ආරිය පුග්ගලං දිපා ලෝකේන පූජේමි

පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං

ඉහත තෙල්වලින් නිවසේ බුදු පහන දැල්වෙමින් නිවසේද සියලු දොස් දුරුවි වාසනාව උදා වි යස ඉසුරු පිරි යනු ඇත. ඔබ දරුවා වෙනුවෙන් බෝධි පූජා පවත්වන්නේනම් ස්ථුපයට, බෝධියට, බුදු මැදුරට, බුලත් කොළයක් මත මැටි පහනක් තබා පිරිත් කරගත් තෙල් දමා පහන් දල්වා බෝධි පූජාව ආරම්භයේ පහත ගාථාව හඬනගා කියන්න. දෙවියන් එය සවන වැකුණු සැණින් ඔබගේ බෝධි පූජාමය පුණ‍ය කර්මයට දිවැස්හෙළා යහපත උදා කරනු ඇත. සියලු රෝග බයද දුරුවී යයි.

බ්‍රහ්මේන්දාමාදි මචිලං භුවකේසු භූතං

මෝහන්ධකාර භජිතං භව භාර හාරං

ලෝසැත්තමං සරණතං යදි දේව දේවං

ජිනේන්ද්‍රසිහ පවරං සිරසා නමාමි

මුනින්දාහාරි වදනම්බුජ ගබ්බ ගබ්පෝ

සම්භූත භූත සරණං පරමං රසාතං

ධම්මේන ධම්ම මතුලං නිච්ලම්හි යන්තං

ජිනේන්ද්‍ර ධම්ම පවරං සිරසා නමාමි

සන්තින්දියං විහත පාප මලං ජලන්තං

සම්බුද්ධ ශාසනවරේ විය පුණ්ණ චන්දං

ජිනේන්ද්‍ර සංඝ පවරං සිරසා නමාමි

ඉහත ගාථා පාඨය 3 වර හඬ නගා කියවීමෙන් ඔබගේ බෝධි පුජාවට දෙවියන්ගේ පිහිට සහ විශ්ව ශක්තිය ලැබෙනු ඇත.

සාමාන්‍යයෙන් ඉහත වත්පිළිවෙත්වලට අමතරව අපේ ජන සමාජය හුරුව ඇත්තේ දෙවියන් උදෙසා බාරහාර වීමටයි. විභාග ජය සඳහා බාර වීමේදී ප්‍රධාන වශයෙන් විෂ්ණු, කතරගම, ගණ දෙවි, සරස්වතී දේවිය ප්‍රමුඛ කරගත් සහ ඇතැමුන් හුරුපුරුදු වී සිටින දෙවියන්ටත්, මහා සෑය, දළඳා හාමුදුරුවන් වහන්සේ, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමටද හුරු පුරුදුව ඇත. එයද අනිවාර්යෙන්ම සිදු කළ යුතු ක්‍රියාවකි.

නමුත් දුර බැහැර අයට එවැනි සිද්ධස්ථානවලට පැමිණීම සඳහා කාල වේලා මදිනම් තම නිවසේ බුදු කුටියේදී දෙවියන් බුදුන් සිහිපත් කර බාරහාර වීමට හැකිය. තුණුරුවන්ගේ අපිරිමිත ගුණ සමුදායක් ඇති මෙවන් ස්ථාන වැඳ පුදා ආශිර්වාද ගැනීමෙන් ප්‍රබල ශක්තියක් හිමි වන බව නම් නිසැකය. එම නිසාම හැකිනම් එවන් පූජනීය ස්ථානවලට ගොස් ආශිර්වාද ලබා ගැනීම දරුවාගේ චිත්ත ශක්තියට අපිරිමිත පිටිවහලක් වනු ඇත. දරුවා මේ ස්ථානවල ආගමික වතාවත්වලට සහභාගි කරවීම ඉතාම සුදුසුයි. විෂ්ණු දෙවියන් උදෙසා බාරවීම ඉතාම වැදගත්ය. ඊට හේතුව වන්නේ දරුවාට යම් ග්‍රහ අපල බලපෑමක් ඇත්නම් විෂ්ණු දෙවියන්ට බාරහාර වීමෙන් යම් තාක් දුරට ඒවා සමනයවන නිසාය. නිල් මල්, නිල් කිරිබත්, නිල් තිර, කැවිලි, පලතුරු සහිත පූජාවක් පැවැත්වීම වඩාත් සුදුසුය. විෂ්ණු දෙවියන්ට පූජා පවත්වා අවසානයේ හෝ එසේත් නැතිනම් වඩාත්ම සුදුසුම ක්‍රමය වන්නේ නිවැරදිව බෝධි පූජාව පවත්වා අවසානයේ පහත සඳහන් මෙම සෙත් කවිය හඬ නගා 7 වර කියවීමයි.

ගුණබර වු තෙදැති බලැති

ජටා මකුට පිර කුලතැ….

ගුරුළු අරාසෙත සලසනු විෂ්ණු සාමිනේ

සුර බලයේ සොයති බලති හැමටම නිති පිහිට සදති

විකුම් දරා දෙව් විමනක සිටින මේ දිනේ

පිනවන සෙද ගුණැති පිනැති සමිදුනි

මා වෙත යොමු

ඔබේ සිරිනෙත දෝෂ හරිමිනේ

සනසන ලෙස පුදනිය දිනි ඔබ ගුණ තේජා සීකර

පමා නොවි දියුණ සදා පින් පෙත් ලැබ ගනුනේ

අවසානයේ දෙවියන්ට පින් දෙන්න. විෂ්ණු දෙවියන්ට බාරහාර වීම, සෙත්කවි කීම, සෙනසුරාදා දිනවල කළ යුතුය. සාමාන්‍යයෙන් විෂ්ණු දෙවියන්ට පහන් තැබීම, බාරවීම සඳහා ආකර්ෂණ පෘථිවියට එන්නේ ලංකාවේ වේලාවෙන් දිවා රාත්‍රී 12. 12 සිට 12. 24 දක්වා කාලය තුළයි. මිථුන කන්‍යා, ධනු, මකර , කුම්භ ලග්න හිමියන් විෂ්ණු දෙවියන්ට බාරහාර පුද සත්කාර තැබීම ඉතා සුදුසුය.

කතරගම දිව්‍ය රාජයාටද පුද සත්කාර තැබීම ඉතාම අගනේය. උන්වහන්සේටද බෝධි පූජා අවසානයේ හෝ පුද පූජා අවසානයේ පහත සෙත්කවිය කීම වැදගත්ය. මේෂ, වෘශ්චික, වෘෂභ, තුලා ලග්න හිමියන් කතරගම දෙවියන් උදෙසා සත්කාර කිරීමෙන් මහා බලයක් පිහිටයි. උන්වහන්සේගෙන් යහපත ඉල්ලන සෙත්කවිය

දරන සයවන යුග්ම සයකින් අත්පුරා සෙත් සතට සලසන

දිලෙන මයුරාසනයේ තෙදයුතු කදිර පුරවර රජිත පිංකෙත

සදනහට බැදි පිරුණු පෙම් ඇති කන්ද කුමරුන් යොමා දිව නෙත

සරණ වුව මැන පින් ලබාගෙන මවෙත ලැබැදි දියුණු සුවසේත

කතරගම දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙන්නේ දිවා රාත්‍රි දෙකෙහි 10.48 සිට 11. 12 දක්වා මෙම වෙලාවන්හිදි උන්වහන්සේ නම දින බැතිමතුන් බලා සිටියදී දියුණුවේ. ධනවතෙකු වේ. යාන වාහන ලැබේ. මහත් බලයක් පිහිටයි.

මීට අමතරව විශේෂයෙන්ම නුවණට අධිපති ගණ දෙවියන් උදෙසා සහ සරස්වතී දේවිය උදෙසා පුද සත්කාර තැබීම ද බාර හාර වීම ද විභාගයට මුහුණ දෙන දරුවන්ට අතිශයින්ම වැදගත්ය. මෙම අද්විතීය ශාස්ත්‍රීය ක්‍රමය ගජමුතු මෙන් දුර්ලභ වටිනා ක්‍රමයකි. වාසනාවන්ත ඉසිවර පාඨක ඔබ ඔබගේ යාළු මිත්‍රයන්ටද මේ පණිවිඩය දිමෙන් ඔබට ද ශක්තියක් වාගේම ඔබගේ දරුවාට ද ශක්තියක් ලැබෙනු ඇත. දශක 03ක මාගේ අත්දැකීම් මත පළමු තැනට එන මෙම අද්විතීය ක්‍රමය ළඟ එන විභාගයේ දී ඔබගේ දරුවාට නිසැක ජය ලබා ගැනීමට පිටිවහලක් වනු ඇත.

සාමාන්‍යයෙන් සරස්වතී දෙව් මෑණියන්ට සහ ගණ දෙවියන්ට පැණි රස සහිත අංග සම්පූර්ණ පූජාවක් පවත්වා සුවඳ දුම් දී දරුවා ඒකාන්ත විභාග ජයක් සඳහා යොමු කිරීමට මහා විශ්වනීය අක්ෂර සංයෝජන බලයක් ඇති මෙම ක්‍රම වේදය උපයෝගි කරගන්න පිරිසිදු සිතින් පංච ශීලයෙහි පිහිටා පිරිසිදු රන් තැඹිලි තෙලට දස දහස්වර මතුරා තිලක දී දරුවා අධ්‍යාපන කටයුතු සහ පාඩම් කටයුතුවල නිරත කරන්න. මෙයින් දරුවාට නිරායාසයෙන් ධාරණ ශක්තිය මනසේ උත්පාදනය වනු ඇත. එය සත්‍යයි. (එම මන්ත්‍රය මේ සමඟ පළ වේ.)

මෙය අනභිභවනීය ගුප්තමය ක්‍රමයකි. දරුවන්ට අත්පොත් තබන දිනයේ සිටම මෙම ක්‍රම අනුගමනය කරන්නේ නම් ලෝකයම ජයගන්න විද්වතුන් බිහිවීම වැළැක්විය නොහැකිය.

අපි ඊළඟට සලකා බලමු සාමාන්‍ය ජ්‍යොතිර්වේදීන් ලබා දෙන නැකැත්වලට වඩා අති ප්‍රබල නැකැත් පිළිබඳව මම මේ ඉදිරිපත් කරන නැකැත් යම් අයකු අනුගමනය කරන්නේ නම් ඒකාන්ත ජය පිට ජය ලැබෙනවාමයි. පංච පක්ෂි හෝරාවේ ඔබගේ පක්ෂියා රජ භෝජන අවස්ථාවක රාහු කාලය නොයෙදෙන්නේ නම් මරුට පිටුපා මේ නැකැත් අනුගමනය කරන්නේ නම් ඒකාන්තයෙන් ජය ලැබෙන බව නම් සත්‍යයි. ඔබ දෙවියන්ට බාර හාර වීමේදී හා පොත පත පාඩම් කිරීමේදී මෙම වේලාවන් රාහු කාලය එම වේලාවට නොයෙදෙන්නේ නම් ප්‍රයෝජනයට ගන්න නිසැක පල නෙළා ගත හැකිය.

මෙම මූර්ත සාමාන්‍ය දිවි පෙවතේ වුවත් සැමට සැමදා වැදගත් වනු ඇත. ඉදිරියේදී විශේෂ අති ප්‍රබල නැකැත් සම්ප්‍රදායි ක්‍රමයට එහා ගිය විද්‍යාත්මක පදනමක සිට දැන ගනිමු.

 


sbobet mobile


sbobet88


Mix Parlay


Sbobet


parlay kalah 1


Parlay


Sbobet login


Situs Judi Bola


https://spbosport855.com/


Sbobet88


https://creditoperations.rogers.com/


https://media.lfp.fr/


sbobet wap


ft95


parlay bola


situs parlay


sbobet88


Mix Parlay


parlay855


Judi Bola Online24jam Terpercaya


https://appmc.keto-mojo.com/


Situs Parlay


https://dev1-journey-engine.lv.com/


sbobet


bola online


Sbobetmobile


Mix Parlay


judi bola


https://107.152.47.146/


https://dam-api.wedi.de/


https://bi.plainconcepts.com/


https://parlay855.utmsiri.ac.cd/


https://teste.sisouvidor.servidor.gov.br/


https://remote.veyo.com/


https://screener.imaginelearning.com/


parlay


SPBOSPORT855 SPBO


Maxbet855


sbobet login


asianbookie


https://starwars.madametussauds.com/


sbobet login


sbobet


https://escones.web.uah.es/sbobet-mobile/


https://store-finance.opel.es/


judi bola online


bandar judi bola


situs parlay


situs parlay


https://origin.campaigndev.goddardschool.com/


https://dev.iode.org/daftar-situs-agen-judi-bola-parlay-terpercaya/


sbobet mobile


http://eus2-li-prod-vector-se1-vectorprodmedia15-use2.licdn.com/


sbobet mobile


https://escones.web.uah.es/sbobet-mobile/


https://vip.ana.co.jp/mix-parlay/

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division